Live 24

October 15, 2025
🌦️Slight rain showers, 27°C
October 15, 2025
🌦️Slight rain showers, 27°C
  • Home
  • Local
  • වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි
Image

වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට ඉදිරිපත් වූ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු තොරතුරු සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියා.

මෙම ප්‍රකාශයත් සමඟ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ විපක්ෂ නායකවරයා අතර උණුසුම් සංවාදයක් ඇති වුණු අතර එහිදී  කරුණු දැක්වීමට විනාඩියක කාලයක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් විපක්ෂනායකවරයාට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා කියා සිටියේ, අරුණ ජයසේකර මහතාට ඉදිරිපත් වූ විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට අදාළ සාකච්ඡාව පසුව පවත්වන බවත්, ඒ පිළිබඳව දීර්ඝ වාර්තාවක් හෙට දිනයේදී ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම මෙම කාරණය  පිළිබඳව සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පසුව තමන්ව හමුවන ලෙසට ද කථානායකවරයා දන්වා සිටියා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් නොලැබුණු බවට විපක්ෂ නායකවරයා චෝදනා කළා.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියෙක්, සූම් තාක්ෂණය ඔස්සේ ජිනීවාහි පැවැත්වෙන සාකච්ඡාවකට එක්ව, ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණවලින් කිසිඳු සාධාරණයක් ඉටු නොවූ බවට ප්‍රකාශ කර ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙවැනි තත්ත්වයන් රටට අහිතකර බවත්, එම වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025
එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය…

Sep 23, 2025
දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?

සිය පක්ෂයේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනය කරන පුද්ගලයන්ට විවිධ අයුරින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…

Sep 23, 2025
3 Comments Text
  • Turkey holiday packages says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Turkey holiday packages Outstanding Turkey tour packages. The attention to detail and customer service was exceptional. http://www.tecnoac.com/?p=56090
  • Cappadocia tours Turkey says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Cappadocia tours Turkey Turkey tour packages are well-designed. Smooth transitions between destinations and comfortable travel. https://www.nomadscasablanca.com/?p=2131
  • Gümüşpala su kaçak tespiti says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Gümüşpala su kaçak tespiti Yeraltı boru kaçakları, peyzajda önemli hasara neden olabilir. https://share.google/PU5VPospAdoIsYzq3
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *