“ ඇයට ආයුෂ බොහෝ වේවා…
ගැහැණියක්, කාන්තාවක් කියලා කියන්නෙම දැයට බොහොම ආදරණීය තැනක් නිර්මාණය කරන කෙනෙක්ට. ඒ නිසා අපට ඇය ගැන කතා කරන්නට, ඇයට ලොවක් තනන්න අවශ්‍ය කරන ඉඩ වෙන් වෙලා තියෙන්නෙම මේ වේදිකාව කියලා ඔබට විශ්වාස කරන්න පුළුවන් වේවී…” ඔන්න ඔහොමයි මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ‘ලක් වනිතා අභිමානී සම්මාන’ උළෙලේ ආරම්භය සටහන් වුණේ.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවට ආරාධිත අමුත්තන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න, Lanka Credit Business හි ප්‍රධාන විධායක නිලධාරී කේ. ජී. ලෙනාන්ද, 360 Wellness and Skin Clinic හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සාරා ෆාසි, UnitedBusiness Association හි සභාපති ටානියා අබේසුන්දර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි වුඩ්ලර්, වෛද්‍ය ජානකී අමරසිංහ, මහනුවර ප්‍රධාන නාගරික කොමසාරිස් ඒ. එච්. එම්. ඉන්දිකා කුමාරි අබේසිංහ සහ මෙම සම්මාන උළෙල කාන්තාවන් වෙනුවෙන් පවත්වන Iconic Awards හි අධ්යක්ෂ අසංක අතපත්තු, කළමනාකාර අධ්‍යක්ෂිකා දෙව්මිණී අතපත්තු ඇතුළු Iconic Awards හි සන්නාම තානාපතිනිය ජයනි විමලසූරිය යන අය එකතු වුණා.
ලක් වනිතා අභිමානී සම්මාන උළෙල දී වසර හොඳම රාජ්‍ය සේවිකාව ලෙස මහනුවර නාගරික කොමසාරිස්වරය වන ඉන්දිකා අබේසිංහ මහත්මිය ලක් වනිතා අභිමානි සම්මානයෙන් පිදුම් ලැබීය
