Live 24

November 1, 2025
Partly cloudy, 28°C
November 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • Sinhala
  • ලොව ආකර්ෂණීයම දිවයින ලෙස ශ්‍රී ලංකාවට රන් සම්මානයක්
Image

ලොව ආකර්ෂණීයම දිවයින ලෙස ශ්‍රී ලංකාවට රන් සම්මානයක්

ශ්‍රී ලංකාව ලොව වඩාත් ආකර්ෂණීයම දිවයින ලෙස සුප්‍රකට “Wanderlust” සංචාරක සඟරාව මගින් පාඨක ඡන්දයෙන් තෝරාගෙන තිබේ.

කීර්තිමත් වොන්ඩලස්ට් පාඨක සංචාරක සම්මාන ප්‍රදානය ලන්ඩන් නුවරදී පසුගියදා පැවැත්වුණි.

සංචාරකයන් අතර ආකර්ෂණීය මෙන්ම විවිධ අත්දැකීම් ලැබීමේ හැකියාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවට පාඨක ඡන්ද 200,000ක් පමණ හිමිවී තිබේ.

වොන්ඩලස්ට් සංචාරක සඟරාව පසුගිය වසරේ ශ්‍රී ලංකාව නම් කර තිබුණේ ලොව වඩාත් ආකර්ෂණීය දිවයින් අතර 08 වන ස්ථානයටය.

ශ්‍රී ලංකාව පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කරමින් වොන්ඩලස්ට් සඟරාව සඳහන් කළේ, ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින්ද හඳුන්වන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්මාරක අතර සීගිරිය, දඹුල්ලේ ලෙන් විහාරය මෙන්ම අනුරාධපුර සහ පොළොන්නරුවේ නටබුන් කැපී පෙනෙන බවය.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
1 Comments Text
  • truck scale calibration Iraq says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Rely on BWER Company for superior weighbridge solutions in Iraq, offering advanced designs, unmatched precision, and tailored services for diverse industrial applications.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *