Live 24

December 12, 2025
🌤️Mainly clear, 28°C
December 12, 2025
🌤️Mainly clear, 28°C
  • Home
  • Sinhala
  • ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති
Image

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසුවා.

විදුලි බලය අඩු කරනවා යැයි පවසා නැති බවද ඔහු සඳහන් කළා

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විදුලි බිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

තවදුරටත් අදහස් දැක්වු කුමාර ජයකොඩි මහතා,

විදුලි බිල අඩු කිරීම තමයි අපේ අරමුණ. අපි විදුලි බිල අඩු කිරීම දවසින් දෙකෙන් කරනවා කියලා කියලා නැහැ. අවුරුදු තුනක් ඇතුළත තමයි කරන්න වෙන්නේ. පසුගිය පාලනය කරපු දූෂණවල ප්‍රතිඵල ජනතාවට අද විඳින්න සිදුවෙලා. විදුලිබල මණ්ඩලය මේ වන විට බිලියන 332 ක ණයකින් පෙළෙනවා. වැඩුමිලට විදුලිය මිලදී ගැනීම සිදුවුණා. විදුලිය මිලදී ගන්න වැය වන මුදල වැඩියි. මේක වැඩපිළිවෙලක් ඇතුව හැදීම තමයි අරමුණයි. මේකෙ පැටලිල්ලි ගොඩක් තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඕන. විදුලි බල මණ්ඩලයෙන් අපිට යෝජනා ලැබුනේ සියයට 37 ක් වැඩි කරන්න. අපි ඒක පැත්තක තියලා සකසුරුවම් කරලා තමයි මේ ගෙනියන්නේ. මේකෙ තියෙන පරණ පව් ටික හෝදන්න වෙලා තියෙනවා. අපි අපේ හිතවතුන්ට ප්‍රොජෙක්ට් දෙන්නේ නැහැ. විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය සැලසුම් ගනිමින් පවතිනවා.

එහිදි දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වෙන්න කලින් විදුලි බිල ඉතාම කෙටි කාලයක් ඇතුලත ඇතුළත සියයට 35 කින් විදුලිබිල අඩු කරනවා කිව්වා. පන්දාහේ මිල 3000 කරනවා කිව්වා නමදා බිල 6000 කරනවා කිව්වා. ඒවා අහල තමයි මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ විදුලි බල මණ්ඩලය දැන් කියනවා ජුනි මාසය වෙනකන් විදුලිය බිල අඩු කරන්න බැහැ කියලා.ඔබතුමාලා මෙච්චර පොරොන්දු දීල ලොවෙත් නැති පොරොන්දු දීල ලොවෙත් නැති ජයග්‍රහණයක් ගත්තා. මේක තනිකරම පනත උල්ලංඝනය කිරීමක්. විදුලි බල සංශෝධනය ජුනි මාසය දක්වා කල් දැම්මේ ඇයි. මෙච්චර ප්‍රශ්න තියෙද්දී. අධික විදුලි බිල නිසා කුඩා කර්මාන්ත රැසක් වැහිලා. මොකක්ද මේකට හේතුව

උදේ ඉඳලා රෑ වෙනකම් බොරු කියන්නේ. බිලියන 167ක ලාභයක් තියෙනවා මේ කලාප නම් කොච්චරද කියලා කියන්න. සියයට පනස් හයකට වැඩිය ජල විදුලියෙන් තමයි දිව්වේ. කවද්ද මේක ඉවර කරන්නේ. පච ආණ්ඩුවක් නේ මේ තියෙන්නේ.

Releated News

විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…

Nov 29, 2025
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව…

Nov 29, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *