Live 24

October 29, 2025
Partly cloudy, 29°C
October 29, 2025
Partly cloudy, 29°C
  • Home
  • News
  • රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..!
Image

රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..!

රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..!

මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාව සිටිය දී ටෙන්ඩර් කැදවීමකින් තොරව, මිහින් ලංකා සමාගමට අවශ්‍ය බිම් මෙහෙයුම් (ග්‍රවුන්ඩ් ඔපරේෂන්) උපකරණ ගෙන්වීම හිතමිතුරු සමාගමකට දීමෙන් රජයට රුපියල් ලක්ෂ 8,830 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සජින්ද වාස් ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. 

අල්ලස් කොමිසම එම නඩු පැවරීම සිදුකර ඇත්තේ, කොමසාරිස්වරු තිදෙනෙකු අත්සන් තබා අනුමත කිරීමෙන් නොවන බවට විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ තර්කය මත පදනම් ව, අවසානයේ අල්ලස් කොමිසම නඩුව ඉල්ලා අස්කරගත් අතර, කොළඹ මහාධිකරණය සජින්ද වාස් ගුණවර්ධන නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.

අල්ලස් කොමිසම, කොමසාරිස්වරු තිදෙනාගේ අත්සන් සමඟ නැවත එම නඩුව ගොනු කළ නමුත්, 2022.11.18 වැනි දා නඩුව කැදවූ අවස්ථාවේ දී විත්තියේ නීතීඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධය මත පදනම්ව කොළඹ මහාධිකරණය නැවත 2023.03.29  වන දා සජින්ද වාස් ගුණවර්ධන නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කළේය. 

අභියාචනාධිකරණය මගින් බල රහිත කර තිබෙන්නේ මහාධිකරණය 2023.03.29 වන දා ලබා දුන් එම නියෝගයයි. 

මහාධිකරණය එදින දුන් තීන්දුබ බල රහිත කර තිබෙන අභියාචනාධිකරණය වහාම ඒ බව මහාධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කර තිබේ. 

ඒ අනුව, සජින්ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුව යළි ආරම්භ වීමට නියමිත ය.   

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *