Live 24

February 23, 2026
☁️Overcast, 28°C
February 23, 2026
☁️Overcast, 28°C
Image

රියදුරු බලපත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කරයි

වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවය.

රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව හෙතෙම පැවසීය.

මේ අතර රිය අනතුරු බහුලව සිදු වීමට අපරික්ෂාකාරි රිය ධාවනය සහ  වාහන නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම ප්‍රධානතම හේතු වි ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා.

එමනිසා වාහනයක් ධාවනය කරවීමට පෙර එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයැබැලීම අත්‍යාවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙරට මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩුද රිය අනතුරු බහුලවීමට බලපා ඇති බවද මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසයි.

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *