*රාජ්‍ය සේවකයන්ට 24%ක වැටුප් වැඩි වීමක්**ජීවන වියදම් දීමනාව රු. 25000ක්**අවම වැටුප රු. 57500ක්*

*රජයත් විකල්ප පක්ෂත් අමතක කළ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් නව වැඩපිළිවෙළක්*

අප රටේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්නේ අප රටේ රාජ්‍ය සේවය බවත් වර්තමාන රජය සහ ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදු කරන්නට කටයුතු කළ යුගයක සමස්ත රාජ්‍ය සේවය අඩු කරන්න කටයුතු කළ යුගයක හිටි හැටියේම වැටුප් වැඩි කරනවා කියා බොරුවක් ඉදිරිපත් කරන අවස්ථාවේ සමස්ත රාජ්‍ය සේවයටම අවම වශයෙන් වැටුප් 24%කින් වැඩි කරනවා සේම ජීවන වියදම් දීමනාව රු. 17800 සිට රු. 25000 දක්වා වැඩි කරනවා සේම රාජ්‍ය සේවය අවම වැටුප රු. 57500 කරමින් වත්මන් රජයේ අසාධාරණ බදු සූත්‍රය පවා වෙනස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම බදු සූත්‍රය මේ වන විට 6-36% දක්වා ඇති මුත් එය 1-24% දක්වා අඩු කරන බවත් මධ්‍යම පාන්තිකයන් මෙන්ම රාජ්‍ය සේවකයන් ශක්තිමත් කරන බවත් තැපල් ඡන්දය හරහා ලක්ෂ 7කට ආසන්න ඡන්දය ප්‍රකාශ කරන්න නියමිත රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ සහයෝගය සමගි ජන බලවේගයට ලබා දෙන ලෙසත් එවිට රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරමින් නියත වැටුප් වැඩි කිරිමට කටයුතු කරන බවත් වත්මන් රජය මෙන් බොරු පම්පෝරි දේශපාලන පසෙකලා රාජ්‍ය සේවයේ සේවයේ නිරත රාජ්‍ය සේවකයා ආරක්ෂා කර රැකවරණය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 31 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (3) වව්නියා නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.*

කලමනාකරණ, සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරි, කෘෂිකර්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු සමස්ත රාජ්‍ය සේවාව රටට සම්පතක් බවත් රටට බරක් ලෙස රාජ්‍ය සේවකයන් සැලකුවේ වත්මන් රජය බවත්, වෙනත් විකල්ප කණ්ඩායම් මෙරට රාජ්‍ය සේවය මෙරටට හානියක් යැයි කියද්දි රාජ්‍ය සේවය සුරක්ෂා කරන්න රාජ්‍ය සේවයට නව පුහුණු වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කර නිපුණතාවෙන් කුසලතාවෙන් තාක්ෂණික වශයෙන් සන්නද්ධ කිරීම සිදු කරන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොලිස් සේවයේ මාස 3කට ලබා දුන් බටා එක ස්ථිර කරන බවත් පොලිස් සේවයේ උසස්වීම් නැවත ලබා දෙන බවත් ත්‍රිවිද හමුදාවේ වන් රැන්ක් වන් පෙන්ෂන් සංකල්පයත් සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරින්ව ආරක්ෂා කරන බවත් රටේ රාජ්‍ය සේවය නූතනවාදී කරමින් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරින්ට හොද පුහුණුවක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

*ගෝඨාභය බලයට ගෙන එන්න කටයුතු කළේ රනිල්*

එසේම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නතර කළ නිවාස ආණ්ඩුව නැවත ආරම්භ කර ගම් උදා යුගයක් බිහි කරන බවත් එදා ජනතාව සමගි ජන බලවේගයට වරම ලබා දී තිබුණේ නම් එම නිවාස ජනතා අයිතියට පත් කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයේ මහමොලකරුවා වන්නේ රනිල් වික්‍රමසිංහ බවත් ඔහු ගෝඨාභය රාජපක්ෂ දිනවන්න කුමන්ත්‍රණ සිදුකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*දුප්පත්කම නැති කරන්න නව වැඩසටහනක්*

එමෙන්ම දුප්පත්කම තුරන් කරන්න නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම නිෂ්පාදනය, අපනයනය, ආදී පස් වදැරුම් වැඩසටහන තුළ දුගී දුප්පත් ජනතාවට දුප්පත්කමින් මිදෙන්නට මසකට රු. 20000 බැගින් මාස 24ක් ලබා දී දුප්පත්කම තුරන් කරන බවත් මෙය දුප්පත්කම තුරන් කිරීමේ තිරසර ස්ථාවර වැඩසටහනක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

*ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවනවා.*

යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර බල ප්‍රදේශ වෙනුවෙන් ජාතයන්තර ආධාරක සමුළුවක් පවත්වන්න හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම වත්මන් ජනාධිපතිට පවා නොහැකි වූ බවත් නොහැකියාව හා ජාතිවාදය නිසා මොවුන් මෙය නොපැවැත්වූ බවත් එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ මේ පළාත් දෙක කේන්ද්‍ර කර ගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවා දැවැන්ත සංවර්ධනයක් රට පුරා සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect