Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
Unable to connect to weather service.
  • Home
  • News
  • රනිල්, නාමල්, විජිත, වටගල ,මර්වින් ඇතුළු විශාල පිරිසක් එකම මගුල් ගෙදරක
Image

රනිල්, නාමල්, විජිත, වටගල ,මර්වින් ඇතුළු විශාල පිරිසක් එකම මගුල් ගෙදරක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සවයකට පැමිණ සිටි බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල,රාජිත සේනාරත්න ,නාමල් රාජපක්ෂ,හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා,වජිර අබේවර්ධන, කරෑ ජයසූරිය, අජිත් නිවාඩ් කබ්රාල්, රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර,අකිල විරාජ් කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, ඉම්ටියාස් බාකීර් මාකාර් ,චරිත හේරත්,සුසිල් ප්‍රේමජයන්ත ,ආශු මාරසිංහ ,යෝෂිත රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් මෙම විවාහ මංගල උත්සවයට පැමිණ සිටි බව වාර්තා වෙනවා.

මෙහිදී වට මේසවලට වී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ වශයෙන් කතා බස් කළ බවද දැනගන්නට ලැබෙනවා.

මෙම විවාහ මංගල්‍යය පැවැත්වුණේ පැරඩයිස් ඉන් බොල්ගොඩ හෝටලයේය. මාධ්‍යවේදියෙකුගේ පුතෙකුගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධාන කර තිබුණා

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *