Live 24

November 2, 2025
☁️Overcast, 29°C
November 2, 2025
☁️Overcast, 29°C
  • Home
  • Politics
  • *රට ගොඩනගන්න සමගි ජන බලවේගය හා එක්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් රටේ ජනතාවට ඇරයුම්*
Image

*රට ගොඩනගන්න සමගි ජන බලවේගය හා එක්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් රටේ ජනතාවට ඇරයුම්*

ඉදිරි දින 10ක් පුරා ශ්‍රී ලංකාවේම ගම්, නගර, කුඩා නගර හා කුඩා ගම් පාසා සමගි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පළාත් 9ම දිස්ත්‍රික්ක 25ම ප්‍රාදේශීය ලේකම් හා උප ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 341ක, ග්‍රාම නිලධාරී වසම් 14021ක කුඩා ගම් නියම් ගම් 51000ක සිටින මෙරට ලක්ෂ 220ක් ජනතාවගෙන් බහුතරයක් සමගි ජන බලවේගය සමඟ රට ගොඩ නැගීමට එක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට ස්වංයපෝෂිත කරන්නට, දුප්පත්කමින් තොර රටක් බිහි කරන්නට, ව්‍යාවසායකත්වය ව්‍යාප්ත වන ආර්ථික වර්ධනය වේගවත් වී එහි ප්‍රතිලාභ සැමට ලැබෙන රටක් ගොඩ නැගීමට එක්වන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

‘‘ඔබ දිනන රට හැදෙන ගමනකට’ යන තේමාව පෙරදැරි කර ගනිමින් සමගි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අද (7) සිට ආරම්භ විය. එහි කොළඹ දිස්ත්‍රික් වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ දී ආරම්භ විය.

මෙම වැඩසටහන අද (7) සිට ජුනි 16 වැනි දා දක්වා දින 10ක කාලයක් දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණ වන පරිදි මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදු කරනු ලැබේ.

Releated News

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා…

Sep 23, 2025
අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…

Sep 17, 2025
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…

Sep 17, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *