රටේ අර්බුධයක් නැ කිව්වත් ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව විදුලිය ලබා දීම සිදු වුවත් මේ වන විට නොරොච්චෝල බලාගාරය කේන්ද්‍ර කර ගෙන බරපතල ජාතික අර්බුදයක් ඇති බවත් 12 වැනිදා මෙගාවොට් 51ක් 13 වැනිදා මෙගවොට් 130ක් 14 වැනිදා 135ක් 15 වැනිදා132ක් 16 වැනිදා 148ක් සහ ඊයේ දිනයේද මෙගවොට් 176ක් අඩුවෙන් විදුලිය උත්පාදනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බල ගල්අඟුරු යෙදවීම යුද්ධය නිසා සිදු වූවක් නොවන බවත් අද වන විට භයානක තත්ත්වයක් ඇතිව පියාසර අළු සහ තැන්පත් අලු වැඩි ප්‍රමාණයක් නිපදවීම නිසා අලු කළමනාකරණ උපකරණවලට ගැටලු මතුව තිබෙන බවත් මේ නිසා විදුලි ජනනය අඩු වී අලු ප්‍රමාණය ඉහළ යාම සිදු වී ඇති බවත් මේ තුළින් පවතින අර්බුදය පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අලුත් අවුරුදු සමයේ සිමෙන්ති සමාගම් වහන නිසා මේ අලු ඉවත් කිරීම ගැටලුවක් බවත් මේ නිසා මේ අලු ටික අලු කන්දට යැවිය යුතු බවත් මේ නිසා බරපතල පරිසර ව්‍යවසනයක් පවා නිර්මාණය වන බවත් එය සෞඛ්‍ය බලපෑමකටද හේතුවක් බවත් වැඩිහිටියන්ට දරුවන්ට ගැබිනි මව්වරුන්ට ස්වසන රෝගීන්ට පවා බලපෑම් සිදුවන බවත් මෙය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවට ද බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙය අඛණ්ඩ විදුලි සැපයුමට ද බලපාන බවත් මැදපෙරදිග යුද්ධය නිසා මෙය තවත් වැඩි විය හැකි බවත් මහජන උපයෝගීතා කොමිසමට අනුව අප්‍රෙල් ජුනි ජුලිවල බලගාර නඩත්තු කටයුතු නිසා විදුලි කප්පදුවක් පවා සිදුවිය හැකි බවත් අද වන විට නිර්මාණය වී ඇති අර්බුධය තුළ බරපතල ගැටලු රැසක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ගොවියා ධීවරයා පතල් කරුවා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් ඇතුළු ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර රැසකට බරපතල ගැටලු මතුව ඇති බවත් QR ක්‍රමය තවමත් නිවැරදි වී නැති බවත් කර්මාන්තශාලාවල තෙල් පවා කප්පාදු කර ඇති බවත් බාල ගල් අගුරු නිසා නියමිත විදුලිය නිෂ්පාදනය කළ නොහැකි නිසා ජනතාවට ලැබිය යුතු ඩීසල් උපයෝගී කර ගෙන විදුලි නිෂ්පාදනය කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
ගල් අගුරු අර්බුධය නිසා නිර්මාණය වන පිරිවැය වැඩි විදුලි බිලක් හරහා යොමු කරන්න රජය සුදානම් බවත් මේ තත්ත්වය තුළ රටේ ජනතාවට අත්වන ඉරණම හිතාගත නොහැකි බවත් රජය මොවුන්ට ලබා දෙන උත්තරය දැන ගැනීමට අවශ්‍ය බවත් මහා භාණ්ඩාගාරය පිරි ඉතිරි ගිය මුදලින් ජනතාවට සහන දිය යුතු බවත් ලෝකයේ සෙසු රටවල් එවැනි දේවල් කළත් අප රටේ එවැන්නක් තවමත් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
