රජය සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කරන්න හදන්නේ යෞවන සමාජවලට පැලවත්තෙන් නම් ලිස්ට් එක යැව්වා වගේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරනවා කියා අද ක්‍රියාත්මක කරන අනපනත් එදා ජනතාවට පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ද කියා ප්‍රශ්න කරන බවත් මේ නව අනපනත් හරහා පීඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත් කරන ක්‍රමවේදය 49 සහ 51 වැනි වගන්තිය තුළින් පෙන්වා දෙන නමුත් උපකුලපතිවරුන් පත් කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ කොමිසමේ සාමාජිකයන් පත් කිරීම සහ කවුන්සිල් සාමාජිකයන් මෙන්ම අධ්‍යයක්ෂවරුන් පත් කිරීම ගැන සඳහන් නොමැති බවත් මේවාට බලපෑම් නොකර අංශාධිපතිවරුන් සහ පීඨාධිපතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදය තුළ සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ගැනීමට රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.

university governance autonomic accountability directions of change වාර්තාවේ එක් කර්තෘවරියක් වන්නේ වත්මන් අගමැතිවරිය බවත් මේ වාර්තාවට අනුව හරිනි අමරසූරිය අගමැතිතුමිය එවකට FUTA එකේ අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීමේ ව්‍යාපාරයේ පුරෝගාමියා ලෙස උපකුලපතිවරයා පත් කිරීමේ සිට සියලු දේම නිර්දේශපාලනීකරණය විය යුතු යැයි එදා පැවසුවත් අද ඇයම උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස මේ දේ අද ක්‍රියාත්මක නොකරන බවත් 2015 හරිනි අමරසූරිය මහත්මිය උපකුලපතිවරයා පත් කිරීම ඇතුළු සෑම දේ නිර්දේශපාලනීකරණය මෙන්ම කුසලතාව මත සිදුවිය යුතු යැයි කිව්වත් 2026 වන විට අගමැතිවරිය සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස වෙනස් කර අමුතු ක්‍රමයේ වෙනසක් ඇති කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා ප්‍රජාතන්තවාදය ගැන කතා කළ හරිනි අගමැතිතුමිය අද විශ්වවිද්‍යාල පද්ධතියට ඒකාධිපතිවාදය ගේනවා

මේ හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධිනත්වය නිදහස සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බවත් විශ්වවිද්‍යාලවල මහාචාර්ය අයිවර් ජෙනිස් ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩල සංකල්ප අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් කවුරු මොන කතා කිව්වත් එදා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ හරිනි අමරසූරිය මහත්මිය අද විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ්කාධිපතිවාදය ඇති කරන්න කටයුතු කරන්නේ කොහොමද කියා පහදන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විශ්වවිද්‍යාල පද්ධතියේ අඩුපාඩු රැසක් තිබෙනවා

අද වන විට විශ්වවිද්‍යාල පද්ධතියට හරියට අරමුදල් ලබා නොදෙන බවත් සෑම විශ්වවිද්‍යාලයකම Academic මෙන්ම Non Academic පුරප්පාඩු රැසක් ඇති බවත් බුද්ධි ගලනයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් බරපතල ලෙස ඩිජිටල්කරණය ඇනහිට ඇති බවත් ආයතනික නිදහස ආයතනයේ ස්වාධිනත්වය විනාශ වී ඇති බවත් සිසුන්ට අවශ්‍ය නේවාසික සම්පත් භෞතික සම්පත් නැති මොහොතක මෙවැනි යෝජනා ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද UGC සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා

UGC එක කොයි තරම් ඒකාධිපති ලෙස ක්‍රියාත්මක වන්නේ ද කියා කියනවා නම් 2026 මේ පනත අනුමත වෙන්නට පෙර UGC සභාපතිවරයා විසින් උපකුලපතිවරුන්ට පවතින නිතිය තුළ පත් කිරීම් නවත්වන ලෙස නියෝග කරන බවත් අලුත් නීතිය යටතේ ක්‍රියාත්මක වන ලෙසත් රටේ පවතින නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බවත් මෙය රටේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද අපහාසයක් මෙන්ම අනීතික නීතියක් බවත් මෙය රටේ අණපනත් හෑල්ලුවට ලක් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක තනිකර ඒකාධිපතිවාදය ස්ථාපිත කිරීමක්

මේකත් හරියට සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ කමිටුවලට යෞවන සමාජවල සාමාජිකයන් යවන්න පැලවත්තෙන් නම් ලැයිස්තු යැව්වා සේ විශ්වවිද්‍යාලවල ද පත් කිරීම් කරන්නට උත්සාහ කරන ඒකාධිපතිවාදයක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect