Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
March 10, 2026
🌤️Mainly clear, 27°C
Image

යුරෝපයට යැවූ කොකාකෝලා නිෂ්පාදන තොගයක් යළි කැඳවලා

ක්ලෝරේට් (Chlorate) නමැති රසායනිකය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් Coca-cola සමාගම යුරෝපයේ රටවල් කිහිපයකට යැවූ සිය නිෂ්පාදන යළි කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය යන රටවල්වෙත යවන ලද කෝකාකෝලා නිෂ්පාදන මෙලෙස ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

බ්‍රිතාන්‍ය වෙත මේ වන විට කොකාකෝලා සමාගමේ තවත් නිෂ්පාදන පෙළක් යවා ඇති බවත් ඒවා දැනටමත් විකිණී අවසන්ව ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

කොකා-කෝලා හි ජාත්‍යන්තර බෝතල් කිරීමේ සහ බෙදා හැරීමේ බෙල්ජියම් ශාඛාව සඳහන් කර ඇත්තේ මෙලෙස බලපෑමට ලක් වූ නිෂ්පාදන අතරට කෝක්, ෆැන්ටා, ස්ප්‍රයිට්, ට්‍රොපිකෝ සහ මිනිට් මේඩ් යන වෙළඳ නාම යටතේ නිකුත්වන බීම වර්ග ඇතුළත් බවයි.

ජල පිරිපහදු කිරීමේදී මෙන්ම ආහාර සැකසීමේදී ක්ලෝරීන් අන්තර්ගත වන විෂබීජ නාශක භාවිත කිරීමේදී ක්ලෝරේට් නිපදවීමේ හැකියාව පවතිනවා.

කෙසේවෙතත්, බීබීසි ලෝක සේවය සිදු කළ විමසීමකදී  කොකාකෝලා සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු සඳහන් කර තිබුණේ මෙම ක්ලෝරේට් ඉහළ මට්ටමක පවතින පාන වර්ග හේතුවෙන් ඒවා පරිභෝජනය කරන්නන්ට පවතින්නේ ඉතා අඩු අවදානමක් බව විශේෂඥයින්ගේ මතය වී ඇති බවයි.

එමෙන්ම, එංගලන්තය තුළ මේ වන විට අලෙවි වී ඇති කොකාකෝලා නිෂ්පාදන සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවද එම සමාගම පෙන්වා දී තිබෙනවා.

මෙම රසායනිකය සම්බන්ධ ගැටලුව 328 GE සිට 338 GE දක්වා වූ කේත අංක යටතේ නිකුත් වූ Appletiser, Coca-Cola Original Taste, Coca-Cola Zero Sugar, Diet Coke සහ  Sprite Zero නමැති බීම කෑන්වලට බලපා ඇති බවත් අදාළ කේත අංක  කෑන්වල පිටුපස කොටසේ සඳහන් කර ඇති බවත් එම සමාගම පවසා තිබෙනවා.

ක්ලෝරේට් ඉහළ මට්ටමකට නිරාවරණය වීමෙන් ළමුන් සහ ළදරුවන් අතර තයිරොයිඩ් ගැටළු ඇතුළු සෞඛ්‍ය ගැටලු මතු විය හැකියාව පතිනවා.

එමෙන්ම එය අධික මට්ටමකින් පවතින අවස්ථාවලදී  ඔක්කාරය, වමනය, පාචනය සහ රුධිරයේ ඔක්සිජන් අවශෝෂණය කිරීමේ හැකියාව සීමා කිරීම වැනි බලපෑම් මිනිස් සිරුරට ඇති කළ හැකියි.

බ්‍රිතාන්‍ය පෝෂණවේදිනියක වන කැරන් ග්‍රැසෙට් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ගිනිකෙළි සහ විෂබීජ නාශක නිෂ්පාදනයේදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය කුඩා ප්‍රමාණවලින් හෝ ආහාර සඳහා භාවිත කළ යුතුද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවයි.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *