Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
January 28, 2026
🌤️Mainly clear, 29°C
Image

යුරෝපයට යැවූ කොකාකෝලා නිෂ්පාදන තොගයක් යළි කැඳවලා

ක්ලෝරේට් (Chlorate) නමැති රසායනිකය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් Coca-cola සමාගම යුරෝපයේ රටවල් කිහිපයකට යැවූ සිය නිෂ්පාදන යළි කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය යන රටවල්වෙත යවන ලද කෝකාකෝලා නිෂ්පාදන මෙලෙස ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

බ්‍රිතාන්‍ය වෙත මේ වන විට කොකාකෝලා සමාගමේ තවත් නිෂ්පාදන පෙළක් යවා ඇති බවත් ඒවා දැනටමත් විකිණී අවසන්ව ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

කොකා-කෝලා හි ජාත්‍යන්තර බෝතල් කිරීමේ සහ බෙදා හැරීමේ බෙල්ජියම් ශාඛාව සඳහන් කර ඇත්තේ මෙලෙස බලපෑමට ලක් වූ නිෂ්පාදන අතරට කෝක්, ෆැන්ටා, ස්ප්‍රයිට්, ට්‍රොපිකෝ සහ මිනිට් මේඩ් යන වෙළඳ නාම යටතේ නිකුත්වන බීම වර්ග ඇතුළත් බවයි.

ජල පිරිපහදු කිරීමේදී මෙන්ම ආහාර සැකසීමේදී ක්ලෝරීන් අන්තර්ගත වන විෂබීජ නාශක භාවිත කිරීමේදී ක්ලෝරේට් නිපදවීමේ හැකියාව පවතිනවා.

කෙසේවෙතත්, බීබීසි ලෝක සේවය සිදු කළ විමසීමකදී  කොකාකෝලා සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු සඳහන් කර තිබුණේ මෙම ක්ලෝරේට් ඉහළ මට්ටමක පවතින පාන වර්ග හේතුවෙන් ඒවා පරිභෝජනය කරන්නන්ට පවතින්නේ ඉතා අඩු අවදානමක් බව විශේෂඥයින්ගේ මතය වී ඇති බවයි.

එමෙන්ම, එංගලන්තය තුළ මේ වන විට අලෙවි වී ඇති කොකාකෝලා නිෂ්පාදන සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවද එම සමාගම පෙන්වා දී තිබෙනවා.

මෙම රසායනිකය සම්බන්ධ ගැටලුව 328 GE සිට 338 GE දක්වා වූ කේත අංක යටතේ නිකුත් වූ Appletiser, Coca-Cola Original Taste, Coca-Cola Zero Sugar, Diet Coke සහ  Sprite Zero නමැති බීම කෑන්වලට බලපා ඇති බවත් අදාළ කේත අංක  කෑන්වල පිටුපස කොටසේ සඳහන් කර ඇති බවත් එම සමාගම පවසා තිබෙනවා.

ක්ලෝරේට් ඉහළ මට්ටමකට නිරාවරණය වීමෙන් ළමුන් සහ ළදරුවන් අතර තයිරොයිඩ් ගැටළු ඇතුළු සෞඛ්‍ය ගැටලු මතු විය හැකියාව පතිනවා.

එමෙන්ම එය අධික මට්ටමකින් පවතින අවස්ථාවලදී  ඔක්කාරය, වමනය, පාචනය සහ රුධිරයේ ඔක්සිජන් අවශෝෂණය කිරීමේ හැකියාව සීමා කිරීම වැනි බලපෑම් මිනිස් සිරුරට ඇති කළ හැකියි.

බ්‍රිතාන්‍ය පෝෂණවේදිනියක වන කැරන් ග්‍රැසෙට් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ගිනිකෙළි සහ විෂබීජ නාශක නිෂ්පාදනයේදී භාවිත කරන රසායනික ද්‍රව්‍ය කුඩා ප්‍රමාණවලින් හෝ ආහාර සඳහා භාවිත කළ යුතුද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවයි.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *