මෙරට දියර කිරි කර්මාන්තය නඟා සිටුවීමට සහ පොහොර නිෂ්පාදනයට ද ඉන්දියාවේ සහාය

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවධානය

 බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ප්‍රමුඛතාව

 සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජූලි මාසයේ දී ඇරඹේ

 මෙරට දියර කිරි කර්මාන්තය නඟා සිටුවීමට සහ පොහොර නිෂ්පාදනයට ද ඉන්දියාවේ සහාය

බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (20) කොටුව ජනාධිපති මන්දිරයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, LNG සැපයුම, දෙරට අතර ඉදි කිරීමට යෝජිත ඛනිජතෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2024 ජුලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද අනාවරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීම සහ පොහොර නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘති කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

ත්‍රිකුණාමලය සංවර්ධනය සහ කන්කසන්තුරෙයි වරාය පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා විය.

එසේම ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක යාපනය ගුවන්තොටුපොළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ මෙරට ඩිජිටල්කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect