Live 24

January 28, 2026
🌤️Mainly clear, 25°C
January 28, 2026
🌤️Mainly clear, 25°C
  • Home
  • Sinhala
  • මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්
Image

මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථ වාහන වැරදි සම්බන්ධයෙන් දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පෙන්වා දෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මස පළමුවන දින සිට කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් රථ වාහන වැරදි හඳුනාගැනීමේ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව මේ වසරේ අප්‍රේල් මස 20 වනදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4,048 දෙනෙකුට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියා.

‍මෙම වැඩසටහන යටතේ නිසි ලෙස අයිතිය පවරා නොමැති රථවාහන 241කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, වාහනයක් විකිණීමේ දී අයිතිය පැවරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවයි.

මේ අතර මේ වසරේ ගත වූ කාල සීමාව තුළ මාරක රිය අනතුරු 724ක් සිදුව ඇති බවත් එම අනතුරුවලින් පුද්ගලයින් 764 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා

මේ වසරේ ජනවාරි මස පළමුවන දින සිට මේ දක්වා කාලය තුළ බරපතළ අනතුරු 1,535ක් සිදුව ඇති අතර සුළු අනතුරු 2,699ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026
1 Comments Text
  • tlovertonet says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    This is a very good tips especially to those new to blogosphere, brief and accurate information… Thanks for sharing this one. A must read article.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *