Live 24

March 11, 2026
☀️Clear sky, 28°C
March 11, 2026
☀️Clear sky, 28°C
Image

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ නඩුව ළඟදීම – ජනපති

‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයා වූ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වඳ හිංසා පැමිණවීමේ සිදුවීමට අදාළ නඩුකරය ඉතාමත් නුදුරේදීම ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ ඉන් අනතුරුව ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුවද පැවරීමට හැකි බවට තමන් විශ්වස කරන බවයි.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට අදාළව මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඊට අදාළව නාවුක හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගතයුතු වුවත් ඔවුන් කවුදැයි හඳුනාගැනීමට නොහැකි ලෙස ලේඛණ අතුරුදහන්ව ඇති බවත් මෙම සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

2008 මැයි 22 වනදා කීත් නොයාර් මහතාට පහර දී පැහැරගෙන ගිය අතර රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාහේ දේහය 2012 වසරේ මැයි 17 වැනිදා නාරාහෙන්පිටට ‘ශාලිකා’ ක්‍රීඩාංගණය අසළ පාර්ක් පාරේ දැවී ගිය මෝටර් රථයක් තුළදී හමුවූවා.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා 2008 වසරේ ජනවාරි 08 වැනිදා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූවා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *