Live 24

January 28, 2026
🌤️Mainly clear, 25°C
January 28, 2026
🌤️Mainly clear, 25°C
  • Home
  • News
  • මාධ්‍යවේදීන් : ඇයි පාස්කු හෙලිදරව්ව නොකළේ ? ඇමති : ඇයි ඉතිං මේ කළබලේ ?
Image

මාධ්‍යවේදීන් : ඇයි පාස්කු හෙලිදරව්ව නොකළේ ? ඇමති : ඇයි ඉතිං මේ කළබලේ ?

වර්තමානයේ විපක්ෂයේ සිටින මීට පෙර ආණ්ඩු බලය හිමිව සිටි ඇතැම් අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල වී ඇත්තේ ඇයිද යන්න රජය කල්පනා කරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන විමර්ශණ සිදු කරගෙන යන බැවින් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ කිසිඳු කෙනෙකු කලබල වීමට අවශ්‍ය නැති බවයි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ අප්‍රේල් 21 වැනිදා හෙළිදරව් කරන බවට පැවසූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පිරිසගේ නම් තවමත් හෙළිනොකළේ ඇයිද යන්නයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“දැන් විපක්ෂයේ ඉන්න කලින් ආණ්ඩු කරපු අය පාස්කු ප්‍රහාරයේ විමර්ශණ සම්බන්ධයෙන් ඇයි මෙතරම් කලබල කියන එක තමයි අපිත් කල්පනා කරමින් ඉන්නේ. මොකද විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. විවිධ අයගෙන් සාක්ෂි සටහන් කරගන්නවා. ඒකට විපක්ෂයේ කවුරුත් කලබල වෙන්න ඕන නැහැ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, උදය ගම්මන්පිල වගේ ඇමතිවරු, මම දැක්කා නාමල් රාජපක්ෂත් කලබලා වෙලා එක එක ඒවා කියනවා. මම දන්නවා ඒ අය කලබල ඇයි කියලා. අපිට හම්බුණේ අවුරුදු පහ හමාරක කාලයක් විමර්ශන යටපත් කරන්න උත්සාහ කරන තත්ත්වයක්. අපිට ඒ කාල සීමාවත් හම්බ වුණා නම් මෙලෙහකට මහමොළකරුවන් ඇතුළු පිරිස හෙළිකරන්න තිබ්බා. මේ සම්බන්ධයෙන් අලුතෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඉස්සරහට කැඳවීම් එයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේ නිසි විමර්ශන කරනවා.”

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026
1 Comments Text
  • tlover tonet says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Outstanding post, you have pointed out some wonderful points, I also think this s a very superb website.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *