මාගම්පුර වරාය සමාගම බැංකුවට කෝටි ගාණක පොලු තියලා

මාග­ම්පුර වරාය කළ­ම­නා­ක­රණ සමා­ගම 2014 වස­රේදී වරාය අධි­කා­රියේ සංස්ථා­පිත ඇප­ක­ර­යක් යටතේ එච්එන්බී බැංකුවෙන් ඩොලර් මිලි­යන 24ක ණය මුද­ලක් ලබා­ගෙන ඇති බවත් එම ණය මුද­ලින් ඩොලර් මිලි­යන 18.82 (රුපි­යල් මිලි­යන 6836) 2023 වසර වන­වි­ටත් ගෙවා නොමැති බවත් පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභා­වේදී අනාවරණය වුණා.

ඒ අනුව මෙම සමාගම ඈවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් මෙහි සිදුව ඇති වංචා පිළිබඳ අනාවරණය කරගත යුතු බවත් කෝප් කමිටුවේදී තීරණය කෙරුණා.

මෙම ණය මුදල අය­කර ගැනීම සඳහා එච්එන්බී බැංකුව විසින් මාග­ම්පුර වරාය කළ­ම­නා­ක­රණ සමා­ග­මට හා වරාය අධි­කා­රි­යට විරු­ද්ධව නඩු දෙකක් පවරා ඇති බව පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාව එහි සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී නිශාන්ත සම­ර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස් වූ අවස්ථාවේදී හෙළි වුණා.

සමාගම ඇවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දෙන සභාපතිවරයා ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නිර්දේශ කළා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අදාල නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඊට අමතරව තෙල් මිලදී ගැනීමේදී සිදු වූ වංචා පිළිබඳ අල්ලස් කොමිසම ඉදිරියේ පැමිණිලි කර ඇති බවද එහිදී හෙළිදරව් වුණා.

“වරාය අධිකාරියේ කළමණාකරණ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත ප්‍රධාන නීති නිලධාරිනිය විසින් කරුණු ඉදිරිපත් කළා. සමාගම ආරම්භ කළාට පස්සේ, තෙල් ගෙන්වන්න ණයවර ලිපි හතරක් අවස්ථා හතරකදී හැටන් නැෂනල් බැංකුව හරහා අරන් තියෙන්නේ. කෝපරේට් ගැරන්ටි එකක් වරාය අධිකාරියෙන් දීලා තියෙන්නේ ණයවර ලිපි තුනක් වැඩ කටයුතු කළාට පස්සේ. මුල් ණයවර ලිපි ඕපන් කරලා තියෙන්නේ. ඒ ගෙවීම් පොඩි කොටසක් විතරයි සමාගම ගෙවලා තිබුණේ. ඊට පස්සේ ඒක කෙටිකාලීන ණයක් විදියට මාරු කරලා ගෙව්වේ නැති නිසා තමයි 2019 දෙසැම්බර් මාසයේදී නඩුකර දෙකක් පවත්වලා තියෙන්නේ. ඇමෙරිකන් ඩොලර් මිලියන 28කට ගරන්ටි එක දීලා තියෙනවා. ණය අරගෙන තියෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 24ක්. බැංකුව ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ දිසා අධිකරණයේ නඩු පැවරුවා. වරාය අධිකාරිය නඩුවට දීපු විරෝධතා ප්‍රතික්ෂේප කරපු නිසා අපි අභියාචනා පෙත්සමක් සහ ඒ අතරේ ප්‍රතිශෝධන ඉල්ලුම්පතක් සිවිල් අභියාචනාධිකරණයේ ගොනු කරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් බැංකුව සමඟ සාකච්ඡා කරන්න කියලා අපට උපදෙස් දුන්නා.

තෙල් ගෙන්වීමේදී ඇති වූ ප්‍රශ්නය සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ඉල්ලුවා. ඒ උපදෙස් මත තෙල් ගෙන්වූ කාලසීමාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ඒ නිලධාරීන්ට අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිත් වෙන්න කිව්වා. ඒ මත අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව විමර්ශන පවත්වාගෙන යනවා”

එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඈවර කිරීමට උත්සාහ කරන්නේ බාහිර වගකීමක් සමාගමට තිබියදී බවයි.

එයට ප්‍රතිචාර ලෙස කෝප් කමිටු සභාපතිවරයා මෙලෙස සඳහන් කළා.

“ආයතනයක් නිශ්චිත වුවමනාවකටනේ පිහිටුවන්නේ. එතකොට ඒකේ කොටස් අයිතිය සීයට සීයම වරාය අධිකාරිය සතුයි. අධ්‍යක්ෂ මණ්ඩලය නම් කිරීම ඇතුළු ඔක්කොම කරන්නේ වරාය අධිකාරිය. ඒ ආයතනයට වරාය අධිකාරිය ඇප වෙලා ණය මුදලක් අරන් තියෙනවා. දැන් වරාය අධිකාරිය නඩුවට මුහුණදෙනවා. මට කියන්න එහෙමනම් මෙහෙම. නුසුදුසු තෙල් මිලදී ගැනීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා විමර්ශන කොමිසමට කවදාද පැමිණිලි කළේ?‘

එහිදී නිලධාරිනිය ප්‍රකශ කළේ 2024 අගෝස්තු මාසයේදී දී අදාල පැමිණිල්ල සිදු කළ බවයි.

“ආයතනය තමන්ගේ තියෙන වගකීම ඉෂ්ඨ කරලා නෑ. ඈවර කිරීම වෙනම කතාවක්. සමාගමේ තේරුමක් නැති බව හරි. 2017 වෙනකොටත් ඈවර කරන්න තීන්දු වෙලා තියෙනවා. හැබැයි ණය මුදල ගන්න අධිකාරිය ඇප වෙනවා. ඔබතුමිය කිව්වා මුලින් ණයවර ලිපි තුනක් ගත්තාට පස්සේ ඔබතුමිය මැදිහත් වූ බව. කාලරාමුව ගත්තොත් ගැටලුකාරී තැන් ගොඩකට එනවා. ඔබතුමියගේ ආයතනය පැත්තෙන් ඒ කියන්නේ වරාය අධිකාරිය පැත්තෙන් පරිපාලනය වෙලා නෑ. නැත්නම් නුසුදුසු තෙල් මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නය 2024 දී යන්න බෑ. මොකද 2019 දී බැංකුව මුදල අය කර ගැනීමට බැරිවීම සම්බන්ධව පැමිණිල්ලක් යනවා. ඒකට හේතුව එක්කෝ සමාගම ණය මුදල් අරගෙන කරපු කාර්යයෙන් මුදල් උපයාගෙන නෑ. නැත්නම් මුදල වෙන තැනක. වරාය අධිකාරියට නිරීක්ෂණ භූමිකාවක් තියෙනවා”

මාගම්පුර වරාය සමාගම 2013 දී පිහිටවූයේ හම්බන්තොට වරාය පරිපාලනය කිරීම සඳහායි. හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් පසු 2017 දී එම සමාගම නිශ්ක්‍රීය වී තිබුණා.

කෙසේ වෙතත්, සමාගම ඈවර කර නැහැ. එමෙන්ම එම සමාගමේ ගැටලු මේ දක්වාම විසඳීමට කටුයුතු කර නැහැ. ඒ අතරතුර එච්එන්බී බැංකුව විසින් මෙම සමාගමට විරුද්ධව උක්ත නඩු පවරා තිබෙනවා”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect