Live 24

November 1, 2025
Partly cloudy, 28°C
November 1, 2025
Partly cloudy, 28°C
Image

මල හත්තිලව්වයි චාමුදිතට ගැහුවේ පොලිසින්මයි!

චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යට ගසා තිබූ විමර්ශන යළි ආරම්භ කළ බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය යොදවාගෙන අනීතික මැරකම් කිරීම සම්බන්ධව මෙම සිද්ධියේදී පොලිසියට චෝදනා එල්ල වී තිබීම ද විශේෂත්වයක්.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධව අවසානයේ සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසායේ නිලධාරීන් බව කියැවිනි.

පිළියන්දල වෑවල කේම්බ්‍රිජ් කෝට් හි චමුදි පදිංචි වී සිටින නිවස පිහිටියේය.

පසුගිය 2022 පෙබරවාරි 14 අලුයම පැමිණි සිව් දෙනෙකුගෙන් යුතු නාඳුනන කණ්ඩායමක් ගල් සහ අසූචි ප්‍රහාරයක් චමුදිතගේ නිවසට එල්ල කර තිබුණා.

සුදු වෑන් රියකින් පැමිණි මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා ප්‍රධාන දොරටුව බලහත්කාරයෙන් විවෘත කරගෙන ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විමර්ශන අංශ කියා සිටියි.

දේශපාලකයන් සහ තමන් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වන්නන් ඍජුව ප්‍රශ්න කරන චමුදිත ප්‍රහාරයට ලක්වන වකවානුවේ ඉදිරිපත් කළ ටෘත් විත් චමුදිත වැඩසටහන් කීපයක් රටේ පිරිසක් අතර දැඩි ආන්දෝලනයට ලක්ව තිබුණා.

සිද්ධිය වුන අවස්ථාව චමුදිතගේ බිරිය හිරන්ති මාධ්‍යයට විස්තර කළේ මෙසේය.

අප පහළට යන්න බයේ හිටියෙ. මුලින්ම හිතුවෙ හොරු කියලා. වෙඩි සද්දයකුත් අහුණා.

පහළ ගිහින් කැමරාව බලනකොට තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා දැක්කා.

සාමාන්‍යයෙන් සිකියුරිටි එකෙන් අපිව හම්බවෙන්න කෙනෙක් එනවා නම් එන්න කලින් අපිව දැනුම්වත් කරනවා. එහෙම කරන්න දීලා නෑ සිකියුරිටි ඉන්න කෙනාට.

පස්සෙ සිකියුරිටි එකට කතා කළාම තමයි එයා වෙච්චි සිද්ධිය කිව්වෙ. හතර දෙනෙක් ඇවිත් තියනවා.“


දින දෙකකට පසු සිද්ධිය සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන නිකුත් වූ අතර, සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණ පැළඳ මේ පිරිස පැමිණි ආකාරය එම සීසීටීවී දර්ශනවල දකින්නට ලැබිණි.

උක්ත සීසීටීවී දර්ශන පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 9ක් යොදවා තිබුණා. එම කණ්ඩායම් සඳහා පොලිස් නිලධාරීන් 60ක් පමණ අනුයුක්ත කර තිබිණ.

එහෙත් මෙම සිද්ධිය සිදුවූ ආකාරය තවමත් අනාවණය කර ගැනීම නොහැකි වීම කණගාටුවට කාරණයක්. කෙසේවෙතත් මෙම ප්‍රහාරයට කොළඹ අපරාධ කොට්ඨාසයේ සම්බන්ධයක් පවතින බවට මේ වන විට විවිධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යයන් හරහා තොරතුරු හුවමාරු වෙමින් පවතී.

එවන් තත්ත්වයක මෙම සිදුවීමට මුහුණ දුන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ද අප විමසීමක් සිදු කළා.

එහිදී ඔහුද කියා සිටියේ මෙම ප්‍රහාරටය කොළඹ අපරාධ කොට්ඨාසයේ සම්බන්ධයක් පවතිනවාය යන කාරණය සම්බන්ධයෙන් තමන් වගකිවයුතු අදාල සියලුම අංශයන් මේ වන විට ලිපි මාර්ගයෙන් දැනුවත් කර ඇති බවයි.

නමුත් අපරාධ කොට්ඨාසයට එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි චමුදිත සමරවික්‍රම මහතා පැවසුවේ.

මේ අනුව මෙම සිදුවීමට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයට ඇගිල්ල දිගුවීම බරපතල කාරණයකි.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
1 Comments Text
  • usabasementguard says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Thank you for the auspicious writeup It in fact was a amusement account it Look advanced to far added agreeable from you However how can we communicate
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *