Live 24

January 29, 2026
☀️Clear sky, 27°C
January 29, 2026
☀️Clear sky, 27°C
Image

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ දෙරණ නාලිකාව පසුගිය ජනාධිපතිවරණයේදී ඩ්‍රෝන යානා යොදාගනිමින් ජනාධිපතිවරයාගේ රැස්වීම්වල සිටි සෙනඟ සිය ප්‍රවෘත්ති හරහා රටටම විකාශය කළ බවයි.

එහිදී දෙරණ නාලිකාව මාලිමා රජයට හොඳ වුවත් තමන්ට අයත් ‘අරුණ’ පුවත්පත නරක්වන්නේ කෙසේදැයි මෙහිදී ඔහු ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියා.

ඊට බාධා කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට එල්ලවී ඇති ඇන්ටිජන් හා කැළණි ගඟෙන් මතුවූ නයි සම්බන්ධයෙන්ද අදහස් පලකළා.

ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා එහිදී නැගී සිටිමින් පවසා සිටියේ දිලිත් ජයවීර මහතාගේ යහපත් මාධ්‍යකරණය නිසාවෙන් වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මහතාගේ දරුවන්ට පාසල් යෑම පවා අහිමිවූ බවයි.

වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් පිළිබදව ඔහුගේ මාධ්‍ය නාලිකාවල විකාශය කරමින් ජනතාව මුලා කළ දිලිත් ජයවීර මහතාම දැන් පාර්ලිමේන්තුවට පැමිණ ජනතාවට ඇත්ත කියන්නැයි රජයෙන් ඉල්ලා සිටීම විහිළු සහගත බව මනුවර්ණ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *