මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ දෙරණ නාලිකාව පසුගිය ජනාධිපතිවරණයේදී ඩ්‍රෝන යානා යොදාගනිමින් ජනාධිපතිවරයාගේ රැස්වීම්වල සිටි සෙනඟ සිය ප්‍රවෘත්ති හරහා රටටම විකාශය කළ බවයි.

එහිදී දෙරණ නාලිකාව මාලිමා රජයට හොඳ වුවත් තමන්ට අයත් ‘අරුණ’ පුවත්පත නරක්වන්නේ කෙසේදැයි මෙහිදී ඔහු ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියා.

ඊට බාධා කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට එල්ලවී ඇති ඇන්ටිජන් හා කැළණි ගඟෙන් මතුවූ නයි සම්බන්ධයෙන්ද අදහස් පලකළා.

ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා එහිදී නැගී සිටිමින් පවසා සිටියේ දිලිත් ජයවීර මහතාගේ යහපත් මාධ්‍යකරණය නිසාවෙන් වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මහතාගේ දරුවන්ට පාසල් යෑම පවා අහිමිවූ බවයි.

වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් පිළිබදව ඔහුගේ මාධ්‍ය නාලිකාවල විකාශය කරමින් ජනතාව මුලා කළ දිලිත් ජයවීර මහතාම දැන් පාර්ලිමේන්තුවට පැමිණ ජනතාවට ඇත්ත කියන්නැයි රජයෙන් ඉල්ලා සිටීම විහිළු සහගත බව මනුවර්ණ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect