Live 24

November 1, 2025
Partly cloudy, 28°C
November 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • Sinhala
  • මන්ත්‍රීලා 85ක් පැන්ෂන් නැතුව ගෙදර
Image

මන්ත්‍රීලා 85ක් පැන්ෂන් නැතුව ගෙදර

නවක මන්ත්‍රීවරුන්  සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග  විශ්‍රාම වැටුප අහිමිවූ  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුප හිමිවීමට නම්  පාර්ලිමේන්තුවේ වසර පහක මුළු නිල කාලයම  සම්පූර්ණ කළ යුතුවේ.

නව වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය සාමාන්‍ය පරිදි අවසන් වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අගෝස්තු මස 8 වැනිදාය.

මෙසේ විශ්‍රාම වැටුප  අහිමිවූ මන්ත්‍රීවරු අසූ පස් දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද  ඇතුළත් වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප්  හිමිවන්නේ 1977 අංක 1 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධි විධාන අනුවය.

වසර පහ සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට මන්ත්‍රී  වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුපක් ලෙස හිමි වනු ඇත.

වසර දහයක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට හිමි වන්නේ  මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙකක මුදලක විශ්‍රාම වැටුපකි.

මේ අතර  මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ මන්ත්‍රී වැටුප සහ  අනෙකුත් වරප්‍රසාද සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග  අහෝසිවී  ගියේය.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *