Live 24

February 13, 2026
☁️Overcast, 29°C
February 13, 2026
☁️Overcast, 29°C
Image

මන්ත්‍රීන් 19කට ආණ්ඩුව දැනටමත් කෝටි 120ක් දීලා

 කවින්ද හේෂාන් ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, ෆයිසාල් කාසිම්, ගයන්ත කරුණාතිලක, එච්. එම්. එම්. හරිස්, හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, ඉෂාක් රහුමාන්, ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කින්ස් නෙල්සන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රෝහිණී කුමාරි විජේරත්න, සෙයිඩ් අලි සහීර් මවුලානා, වේලු කුමාර්, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන සහ රිෂාඩ් බදියුදීන් ය.

2024 විමධ්‍යගත අයවැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඍජුව ම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි පසුගිය දා ‘මව්බිමට’ අනාවරණය විය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍රලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කර ගත යුතු බව ජනාධිපති ලේකම් විසින් අදාළ මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.

මෙම ව්‍යාපෘති හඳුනා ගැනීම සිදුකර ඇති බවත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇති බැවින් එකී කාර්යයන් හැර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේදී අදාළ චක්‍රලේඛයක් මඟින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් ටී.එම්.එස්.බී. ඒකනායක විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත. තව ද මෙම ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024.07.31ට පෙර ගිණුම්ගත කරන ලෙස ද දැනුම් දී ඇත.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *