Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
March 10, 2026
🌤️Mainly clear, 27°C
Image

මග නැගුමෙන් ඉදිකිරීම් සමාගමට කෝටි 15ක් ගෙවීම නවතයි

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘මග නැගුම’ ආයතනය මඟින් නීතියට පටහැණිව යමින් 2k නමැති ඉදිකිරීම් සමාගමට රුපියල් මිලියන 150ක (කෝටි 15) මුදලක් ගෙවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

අදාළ මුදල් ගෙවීම අනුමත නොකිරීම මත පදනම් වෙමින් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට මීට පෙර පැවති රජය ගත් තීරණයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත්දා (24) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණි.

මෙම ඉදිකිරීම් සමාගමට ගෙවීමට ඇති මුදල් ගෙවා අවසන් කර තිබියදී තවත් රුපියල් මිලියන 150ක් මෙසේ ගෙවන ලෙස හිටපු බලධාරීන් බලපෑම් එල්ල කර ඇති අතර මේ සම්බන්ධයෙන් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම්වත් කර කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ මුදල නො‍ගෙවීමට තීරණය කර තිබේ. මේ සිදුවීම මත මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉවත් කර පසුව වැඩබලන සභාපති ධුරයට පත් වූ එවකට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර තිබේ.

මුදල් ගෙවීමට විරුද්ධ වීම පදනම් කර ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විරුද්ධව මග නැගුම විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සම යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ඉකුත්දා (24) කැඳවීය. ඒ අනුව මීළඟ නඩු දිනය දක්වා එකී ගෙවීම් අත්හිටුවන ලෙස සහ පෙර පැවැති තත්ත්වය වෙනස් නොකර අදාළ තනතුරු ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කළේය.

ලබන වසරේ පෙබරවාරි මස 11 වැනිදා පෙත්සම නැවත කැඳවීමට තීරණය කෙරිණි. ‘මග නැගුම’ ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයකු වන මහේෂ් වික්‍රම මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. මාර්ග සංවර්ධන අධිකාරිය, හිටපු මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, එම අමාත්‍යාංශ ලේකම්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ‘මග නැගුම’ ආයතනය වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ චතුර ගල්හේන මහතා 2k සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *