භාතිය ඇතා ජීවිතක්ෂයට

වෙඩි වැදී පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා.

අද (15) උදෑසන 08.55ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

නිකවැරටිය සහ අඹන්පොලට මායිම් වූ වනාන්තරවලවල වෙසෙන එකම ඇතා ලෙස සැළකෙන ‘භාතිය’ නමින් හැඳින්වෙන ඇතා බරපතළ ලෙස රෝගාතුර වීම හේතුවෙන් දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියා.

වම් පාදයේ ආබාධයකින් පෙළෙන ඇතා පොල්පිතිගම වැව් රක්ෂිතයට ගොස් මඩ සහිත ජලයේ වැතිර සිටියදීම ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් සුවය ලබමින් සිටියා.

කෙසේවෙතත් ඇතාට ප්‍රතිකාර ලබා දීමට සහ ජීවිතය බේරා ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදු වුණා.

භාතිය ඇතා පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක සතියක පමණ කාලයක් වැතිර සිටියා.

නිකවැරටිය වනජීවි කලාපය තුළදී මෙම ඇතා වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බවට ඉකුත් පෙබරවාරි මාසයේදී   ගම්වාසින් නිරීක්ෂණය කර තිබුණා.

ඉන් අනතුරුව ඉකුත් මැයි මාසයේදී තවත් වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි භාතිය දක්නට ලැබී ඇත්තේ ඊට කිලෝමීටර් 20කට ආසන්න දුරිකින් පිහිටි මහව වනජීවි කලාපය තුළදීයි.

කෙසේවෙතත් ඇතා  වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීම් නිසා හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවී මෙලෙස අද උදෑසන ජීවිතයක්ෂයට පත් වුණා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect