බෙදිල්ල වැරදියි කියන කුහකයන්ගේ ළමයි ගියේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ බංකොලොත් රටේත් කුහකයෝ කොට්ඨාසයක් සිටින බවත් ඔවුන් මේ බස් රථ සුහුරු පන්ති කාමර හුදෙක් බෙදිල්ලක් ලෙස සලකන බවත් මේ කුහකයෝ ළඟ ඊර්ෂයාවක් ඇති බවත් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව උද්ඝෝෂණය කර පාද යාත්‍රා ගිය වැඩවර්ජනය කළ මේ කුහකයෝ ඔවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාවලට යවන බවත් මෙවැනි දිවදෙකේ කතා රටට නොගැලපෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔවුන්ගේ දරුවන්ගේ තැනට රටේ 41 ලක්ෂයක් දූදරුවන් පැමිණෙතැයි කියන ඊර්ෂයාවක් හා වෛරයක් ඔවුන් සතුව ඇති බවත් මේ බංකොලොත් රටෙත් තමන්ගේ කැපවීම, ශක්තිය, තරහමරහ, පළිගැනීම් සිදු නොකර හැමෝම එකට එකතු වී බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට එක්වන ලෙස ඉල්ලීමක් කරන බවත් අප රටේ දරුවන්ට යහපත් හෙටක් සහිත රටක් ගොඩ නැගීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 18) කොළඹ හෝමාගම ජනාධිපති විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 246 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරිම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කළේය.*

*පාසල්වල සම්පත් හිඟවෙද්දි ජනාධිපතිගේ සුරතල් දේශපාලනයට රු.මි. 8750ක්*

අද පාර්ලිමේන්තුවේ විෂය වූයේ ජනාධිපතිවරයාට සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන් 8750ක් වෙන් කිරීම බවත් මේ මුදල් දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර කේන්ත්‍රාත් ලබා දීමේ සංතෝසම් වැඩසටහන් ක්‍රියාත්මක නොකර මේ මුදල්වලින් සුහුරු පන්ති කාමර ලබා දිය හැකි බවට අධ්‍යාපන ඇමතිවරයාට යෝජනා කළ බවත් බංකොලොත් රටෙත් විධායකයේ අනුමැතිය පරිදි කෝටි 875ක් වෙන් කර ඇති බවත් මෙය අධ්‍යාපනයට වෙන් කළා නම් අප රටේ අධ්‍යාපනය මීට වඩා දියුණු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් පාලකයෝ බංකොලොත්භාවයෙන් වත් පාඩම් ඉගෙන ගෙන නොමැති බවත් තමන්ට කැමති සුරතල් දේශපාලනය ක්‍රියාත්මක කරන්න මේ බංකොලොත් රටෙත් කෝටි 850ක් වෙන් කර ඇති බවත් මෙය සෝචනීය කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*රජයේ මුදලින් අධ්‍යාපනයේ ගැටලු විසඳන්න බැහැ*

අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදලින් රටේ අධ්‍යාපනයේ ගැටලු විසඳන්න පුළුවන් කියනම් නම් එය බොරුවක් බවත් අධ්‍යාපනයට වැඩිය මුදල් වෙන් කරනවා කියපු කවුරුත් එසේ මුදල් වෙන් නොකළ බවත් මේ සඳහා රජයේ මුදල්වලට අමතරව ධානපතියන්ගේ සහයෝගය ද අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

*මං ගාව පොරොන්දු දේශපාලනය නැහැ. වැඩ විතරයි*

බොහෝ දේශපාලනඥයන් ඡන්ද කාලෙ බොරු පොරොන්දු ලබා දෙන නිසා මේ දේවල් කරන්න පුලුවන් ද කියා ජනතාවට ගැටලුවක් ඇති බවත් තමා මැතිවරණවල දී සක්වල හා හුස්ම කරනවා කියා පොරොන්දු වී නොමැති බවත් එමනිසා තමා සතුව පොරොන්දු දේශපාලනයක් නොමැති බවත් වැඩ කර පෙන්වීම තමාගේ ක්‍රමය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල හා හුස්ම හරහා අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට අගයක් එකතු කරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් නිසා බවත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය මේ වන විට මූලික අයිතිවාසිකමක් නොවුවත් සමගි ජන බලවේග රජයක් තුළ එය මූලික අයිතිවාසිකමක් කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*රටේ පාලකයා යනු තාවකාලික බාරකරුවාය*

රටේ පාලකයා යනු රටේ තාවකාලික බාරකාරයා මිස අයිතිකාරයා නොවන බවත් රටේ පාලකයන් ජනතාවට සේවය කළ යුතු බවත් මේ කරන්නෙත් එවැනි සේවාවක් බවත් සමහර අය මත්පැන් දුම්වැටි බෙදන විට සමගි ජන බලවේගය පාසල්වලට සුහුරු පන්තිකාමර, පරිගණක හා ශබ්දකෝෂ බෙදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල තුළින් උගතුන්ගෙන් සපිරි ජන සමාජයක් බිහි කරනා බවත් එය දූදරුවන්ට ලබා දිය හැකි ඉහළම සම්පත බවත් හුස්ම යනු රටේ ලක්ෂ 220ටම ආයු බොහෝ කිරීමේ ව්‍යාපෘතියක් බවත් මීට පෙර මහ රජාණෙනි ආයු බොහෝ වේවා කිව්වත් සමගි ජන බලවේගය පුරවැසියන්ගේ ආයු බොහෝ කිරීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සම්පත් හොයන්න මට නම් ලෝකෙ වටේ රවුම් ගහන්න ඕන නැහැ*

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනවා කියා බොරු පුරසාරම් නොකියා එය යථාර්ථයක් ලෙස සිදු කළ යුතු බවත් සක්වල වැඩසටහන යනු ඒ සඳහා ක්‍රියාත්මක එක් වැඩසටහනක් බවත් තමාට ලෝකය වටේ සවාරි යාමට අවශ්‍ය නොවන බවත් මේ වැඩසටහන් සඳහා අවශ්‍ය සම්පත් ලබා ගන්නා ආකාරය දන්නා බවත් දේශපාලනය යනු උරුමයක් නොව වගකීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 246ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2761ක් වැය කර තිබේ.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect