Live 24

February 13, 2026
☁️Overcast, 29°C
February 13, 2026
☁️Overcast, 29°C
  • Home
  • Blog
  • පෞද්ගලික අංශයේවත් රැකියා නොලැබෙන රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් රටේ ඉන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පෞද්ගලික අංශයේවත් රැකියා නොලැබෙන රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් රටේ ඉන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තමා යාපනයේ සංචාරය කරන අතරතුර රැකියා නොමැතිව යාපනය ප්‍රදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත තරුණයන් පිරිසක් හමුවූ බවත් ඔවුන් සමග සාකච්ඡා කිරීමේ දී උතුරු පළාතේ පමණක රැකියා විරහිත උපාධිධාරීන් 4000ක් පමණ සිටින බව දැන ගැනීමට ලැබුණු බවත් මේ වන විට රටේම 50000ක් පමණ උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් ආර්ථික අර්බුධය හමුවේ පෞද්ගලික අංශයට හෝ ඔවුන්ට රැකියාවක් ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බහුතරයක් කලා උපාධිධාරීන්ට පෞද්ගලික අංශය රැකියා ලබා දිම ප්‍රතික්ෂේප කරන බවත් එයට හේතුව ඔවුන් නව තාක්ෂණයෙන් නව දැනුමෙන් සන්නද්ධ නොවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 11) යාපනය මනිපයි සෙන්දිලිප්පායි හින්දු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 231 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.*

*මේ අවස්ථාව සඳහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සහ සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායිකා උමාචන්ද්‍ර ප්‍රගාශ් මහත්මියද එක් විය.*

වෛද්‍යා, පරිගණක, තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු ක්ෂේත්‍රයට රැකියා ලැබුණත් කලා උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් එයට හේතුව විෂය නිර්දේශයේ ගැටලු බවත් මේ නිසා 50000 උපාධිධාරීන් මහපාරේ සිටින්නේ ඒ අයගේ වරද නොව අධ්‍යාපනය ක්‍රමයේ වරද නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයේ සෙසු රටවල මෙන් අප රටේත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන ශ්‍රමිකයන් බිහි කළ යුතු බවත් නව යුගයට ඔබින්නේ තොරතුරු තාක්ෂණ,ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනට මිස සිංහල පමණයි දමිළ පමණයි නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමනිසා සිංහල පමනයි දමිල පමනයි නොකියා IIT, IIM වැනි ආයතන අප රටෙත් ඇති කළ යුතු බවත් මේ මොහොතේ පවා ලෝකය වෙනස් වන බැවින් එම වෙනසට අපිත් අනුගත විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේම දරුවා කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කල යුතු බවත් ඊට පසු පුරවැසියා කේන්ද්‍ර කර ගත යුතු බවත් දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද නව තාක්ෂණික දියුණුව සඳහා පුහුණු කළ යුතු බවත් සුහුරු අධ්‍යාපනය මෙන්ම සුහුරු කෘෂිකර්මය,සුහුරු ධිවරයා නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*යහපාලන රජයේ යෝජනාවක් වු යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන අහපු එකටත් සමාජ මාධ්‍ය හරහා අපහාස කරනවා*

යහපාලන රජය සමයේ යාපනයේ ක්‍රිකට් ක්‍රීඩංගනයක් හදන්න යෝජනා වුවත් එය ක්‍රියාත්මක නොවී ඇති බවත් ඒ ගැන පසුගිය දා කළ විමසීමක් සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා අපහාසාත්මක ලෙස හුවමාරු වන බවත් තමා එහි දී විමසා සිටියේ යහපාලන සමයේ යෝජනා වූ ක්‍රීඩාංගනය ගැන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 231ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2585ක් වැය කර තිබේ.*

Releated News

තායිලන්ත නිදහස් උළෙල විජයන්ති එදිරිසිංහ මහත්මියගේ ප්‍රදානත්වයෙන්..

2026 පෙබරවාරි මස 04 වන දින 78 වන නිදහස් සැමරුම් උලෙල තායිලන්තයේදී තායිලන්ත ශ්‍රී ලංකා තානාපතිනී හා නිත්‍ය…

Feb 6, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
“අපි කොහෙවත් ගියේ නැහැ.රමේෂ්

පසුගිය කාලසීමාවේ දේශපාලනික වශයෙන් අනුගමනය කළ නිහඬතාව බිඳ දමමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නැවත ශක්තිමත් ලෙස දේශපාලන…

Jan 23, 2026
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික…

Nov 28, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *