පොහොට්ටුවෝ මට ඡන්දෙ දීලා නැහැ

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණේ පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.

පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමාට සහාය දීම සඳහා පැමිණියද ඔවුන් සමග ජනතාව පැමිණ නැති බවත් පොහොට්ටුවේ බහුතර පිරිස අනුර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන බවත් පවසා තිබෙනවා.

ඒ අනුව ඊළඟට කළ යුතුව ඇත්තේ මහ මැතිවරණයට සූදානම් වීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එහිදී එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවයි.

ජනාධිපතිවරයාද එම අදහස අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම අලුත් මුහුණු හතරක්වත් ඉදිරිපත් කළ යුතුව බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසු බව සඳහන්.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect