Live 24

January 29, 2026
☀️Clear sky, 27°C
January 29, 2026
☀️Clear sky, 27°C
Image

පොහොට්ටුවේ ඇමති කෙනෙක්ට අල්ලස් නඩු තුනක්

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු තුනක් පවරා තිබෙනවා.

ජනවාරි මස 8 වන දින කොළඹ මහාධිකරණයේ දී අදාළ නඩු පවරා ඇති බව එම සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

නඩු අංක HCB/353/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520ක මුදලක පාඩුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට දූෂණය නම් වරද සිදුකිරීම, නඩු අංක HCB/354/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එම මුදලක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීම හා නඩු අංක HCB/3552025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු. 494,000ක මුදලක හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹ වීමෙන් එම මුදලක පාඩුවක් ආණ්ඩුවට සිදුකිරීමෙන් දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව අදාළ නඩු පවරා තිබුණා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *