පොලිසියට ගහන හැම පහරක්මවදින්නේ සමාජයේ නීතිගරුක භාවයට -පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

පොලිසියට ගහන ගල් වදින්නේ නීතියේ ආධිපත්‍යයට, බිඳ වැටෙන්නේ
සමාජයේ නීතිය. ඒ වගේම පොලීසිය කාගෙවත් පුද්ගලික දෙයක්
නෙමෙයි. මේ රටේ මහජනතාවට අයිති ආයතනයක්. වර්ථමානයේ
මෙහි භාරකරු වශයෙන් මහජනතාවට උපරිම සේවයක් ඉටු කිරිම
සඳහා දවසේ පැය විසිහතර තුළම පොලිසිය විවෘතව ඇති බව
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය
එතුමන් මෙම අදහස් පළකලේ සුවසාර කැදැල්ල ප්‍රජා පාදක
පුනරුත්ථාපන හා ප්‍රථිකාර මධ්‍යස්ථාන වැඩසටහන, බස්නාහි පළාත්
දකුණු දිසාවේ සමාප්ති උත්සවය සඳහා බත්තරමුල්ල අපේ ගම
පරිශ්‍රයේ දී සහබාගි වෙමිනි
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ
ඇතැම් මිනිස්සු හදන්නේ පොලිසිය අකර්මන්ය කරලා
අපරාධකරුවන්ට සමාජයෙ දොර විවර කර දෙන්න. මේ රටේ මත්ද්‍රව්‍ය
සහ පාතාලය තුරන් කිරීමට රටේ හැම යුක්තිගරුක පුරවැසියන්ගෙම
සහාය පොලිසියට අවශ්‍යයි. යුක්තිය මෙහෙයුමේ ප්‍රතිඵලයක්
වශයෙන් ගත වූ මාස හයක කාලය තුළ මෙරට අපරාධ සීයට
විසිතුනක අඩුවක් පවතින බවත් මේ වර්ෂය අවසන් වන විට
දිවයිනේ වාර්තා වී ඇති අපරාධ අවම කර ගැනීමට සඳහා කටයුතු
කරන බවත් විශේෂයෙන්ම ළමයින් සම්බන්ධයෙන් කෙරෙන ළමා
අපචාර සහ අපයෝජන පිටුදැකීම සඳහා ඉතාම ප්‍රයෝගික
වැඩපිළිවෙලක් ඉදිරි මාසයේදී ආරම්භ කරන බව සඳහන් කළ
පොලිස්පතිතුමන්,

මේ රටේ පොලිසියට මහජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත්,
සමාජයේ යහපත සඳහා පොලිසිය විසින් කරනු ලබන මෙවැනි
කටයුතු සඳහා මහජනතාවගේ උපරිම සහයෝගය බලාපොරොත්තු
වන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect