Live 24

March 11, 2026
☀️Clear sky, 28°C
March 11, 2026
☀️Clear sky, 28°C
Image

පොල් කිරි, පොල් සම්බෝල නිසා පොල් නාස්ති වෙනවා – ඇමති චතුරංග

පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන බව ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“දැන් තියෙන අර්බුදය තමයි දේශීය පොල් පරිභෝජනයට පොල් ලබා ගැනීමත්, සැපයුමේ අඩුවීමත් නිසා.

අපනය්න කර්මාන්තයත් අර්බුදයට ලක් වෙලා අපි නිතර පරිභෝජනය කරන පොල් ගෙඩියත් රුපියල් 200 ගාණට ගියා. ගෙදර පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි අපි ඉන්නේ. මොකද අපි පොල් කිරි විදිහට පාවිච්චි කරනවා, සම්බෝල විදිහට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමණ්යක් අපතේ යනවා. ඒ වගේම පොල් කට්ට සහ පොල් වතුර කියන දෙකත් ඩොලර්. ඉතින් ඒවත් අපතේ යනවා. ඉතින් පොල් කිරි වෙනුවට අපිට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛ්හත්වයක් දීලා අපිට විකල්ප ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපනයනය කිරීම සදහා ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා.

ඉතින් මේ අර්බුදය විසදගන්න තමයි ඔවුන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඔවුන්ගේ අපනයනය සදහා අවශ්‍ය කරන පොල් කිරි, පොල් මද ආනයනය කරලා අපනයනය සදහා මේ සදහා ලබාදෙන්න කියලා අර පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයේ මද සහ කිරි ගෙන්නන්න දෙන්න කියන ඉල්ලීම තමයි ඔවුන් ඒ කළේ. මොකද හාල් වගේ අමාරුවේ වැටෙන්න අවශ්‍ය නෑ දත්ත අපි හොයාගෙන හරියට කල් තියා තීරණ ගත්තොත්.”

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *