Live 24

November 12, 2025
Partly cloudy, 27°C
November 12, 2025
Partly cloudy, 27°C
  • Home
  • Local
  • පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති
Image

පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද එහි සභාපතිධූරයට පත්වුණි.

එහිදී සභාපති ධුරය දිනාගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණි.

මේ වන විට බන්ධනාගාරගතව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටාගේ’ සමීපතමෙයක් බවට ඔහු හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණයෙන් ක්‍රියාත්මකය.

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ  ඔවුන් අතර රැඳී සිට තිබේ.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.

සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල සිදුව තිබුණි.

රැස්ව සිටි පිරිස සභාපතිවරයා කඩිනමින් රෝහල්ගත කළ නමුත්, රෝහල්ගත කිරීමෙන් පසුව සභාපතිවරයා මියගිය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ලසන්ත වික්‍රමසේකර මහතා 38 හැවිරිදි වියේ පසුවුණි. 

වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025
3 Comments Text
  • BLACK SEO LINKS, BACKLINKS, BABI FOR MASS BACKLINKING – TELEGRAM @SEO_LINK says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Situs Pasti Scam Indonesia, BOKEP JAPAN KONTOL KAU
  • Make Money At Home says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hi, how have you been lately?​
  • Cappadocia green tour says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Cappadocia green tour Noah S. ★★☆☆☆ Luxury cave hotel pool was under renovation (not mentioned at booking). Disappointed after 12hr flight. https://www.worldtravelawards.com/profile-45937-travelshop-booking
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *