Live 24

January 29, 2026
🌤️Mainly clear, 25°C
January 29, 2026
🌤️Mainly clear, 25°C
  • Home
  • උණුසුම් පුවත්
  • පිරමීඩ ජාවාරම්කාර සමාගමක මෙරට නියෝජිතයෙකුට රටින් පිටවීම තහනම්
Image

පිරමීඩ ජාවාරම්කාර සමාගමක මෙරට නියෝජිතයෙකුට රටින් පිටවීම තහනම්

ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙයවූ ලෙජර් බ්ලොක් (Ledger Block) මහා පරිමාණ පිරමීඩාකාර ජාවාරමේ දේශීය නියෝජිත කුරුණෑගල සමන්ත ගුණතිලකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නිකුත් කර තිබෙනවා.

මැලේසියාවේ “ලෙජර් බ්ලොක්” පිරමීඩාකාර සමාගමේ අන්තර්ජාල දත්ත තොරතුරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝගයක්ද නිකුත් කළා.

ශ්‍රී ලාංකීයන් පන්දහසකට අධික පිරිසකගේ රුපියල් කෝටි ගණනක මුදල් තැන්පතු බාර ගනිමින්, එම මුදල් වලට දිනපතා, තැන්පත්කරුගේ ජීවිතය තිබෙන තෙක් ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා සමාගමේ නියෝජිතයින් විසින් අන්තර්ජාලය හරහා තැන්පතු භාරගෙන ඇති බව දැනට විමර්ශන තොරතුරු අනුව අනාවරණය වී තිබෙනවා.

ක්‍රිප්ට්‍රො කරන්සි සහ යූඑස්ඩිටි අත්‍යන්තර මුදල් ඒකක හරහා මෙම ප්‍රතිලාභ ලබා දෙන බවට සඳහන් කර ඇති සැකකාර සමාගම ආයෝජනය කරන මුදල්වලට දිනපතා ඇමරිකානු ඩොලර් 0.7ක ප්‍රතිලාභ ලබාදීමට තැන්පත්කරුවන්ට පොරොන්දු වී තිබෙනවා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026
1 Comments Text
  • droversointeru says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Helpful info. Lucky me I discovered your website by chance, and I am stunned why this twist of fate didn’t came about earlier! I bookmarked it.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *