පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජාත්‍යන්තරයෙන් ප්‍රතිචාර

2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.

මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ, පාස්කු ප්‍රහාරයේ වගකීම් උල්ලංඝණය කළ බවට චෝදනා ලැබු පුද්ගලයින් උසස් තනතුරු සඳහා පත්කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් කියා සිටියේ, බොහෝ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මේ වනවිට අවිනිශ්චිත බව ද 2021 සහ 2023 වසර අතර දරිද්‍රතා අනුපාතය පවා දෙගුණයකින් ඉහළ ගොසින් ඇති බවයි.

එමඟින් වැඩි වැඩියෙන් කුටුම්භවලට අධ්‍යාපනය හෝ පෝෂණය අතරින් ආහාර හෝ සෞඛ්‍යය තෝරා ගැනීමට බල කර තිබෙන බව මහකොමසාරිස්වරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එළැඹ ඇති අතර එතුළින් අලුතින් තේරී පත්වන පරිපාලනය වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා අවශ්‍ය පරිවර්තනීය වෙනස්කම් සඳහා කැපවිය යුතු බව මහකොමසාරිස්වරයා පැවසුවා.

බලයේ සිටින අය ඉදිරි මැතිවරණවලට පෙර හෝ පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සහ සාමකාමීව රැස්වීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

එමෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාව මෙම පරිවර්තනයට සහය දිය යුතු වන බව ද ඔහු කියා සිටියා.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ අපරාධ විමර්ශනයේ ද සීමිත ප්‍රගතියක් රජය අත්පත් කරගෙන තිබෙන බව මහකොමසාරිස් වොල්කර් ටර්ක් කියා සිටියා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect