Live 24

Friday
October 18, 2024
loader-image
temperature icon 30°C
scattered clouds
Friday
October 18, 2024
  • Home
  • Crime/police
  • පාතාලයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය සුදානම් –  පොලිස්පති
Image

පාතාලයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය සුදානම් –  පොලිස්පති

යුක්තිය මෙහෙයුම තාවකාලික මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මේ රටින් තුරන් වනතෙක් පසුවිපරම් කරමින්, මත්ද්‍රව්‍යට හා පාතාලයට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

එතුමන් මෙම අදහස් පලකළේ 2024.07.04 වන දින “යුක්තියේ මෙහෙයුම” යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අද දින (04) පැවති  විශේෂ මෙහෙයුම් වැඩසටහනට  සහභාගී වෙමිනී.හිදි, වැඩිදුරටත් අදහස් දක්වමින් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරමින් පොලිස්පතිතුමන් කියා සිටියේ, පොලිස් කොට්ඨාස මට්ටමින් රහසිගත දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවත්, කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව තමන් දන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දෙන ලෙසත්, සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහජනතාවගේ  උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත්, ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා එලෙස  තොරතුරු ලබා දීම හේතුවෙන් ඔබ පසුපස පාතාලකරුවන් ලුහුබදිනවනම් ඔවුන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය ක්‍රියා කරන බව එතුමන් වැඩිදුරටත් පැවසීය.

Releated News

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024
මග නැගුමෙන් ඉදිකිරීම් සමාගමට කෝටි 15ක් ගෙවීම නවතයි

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘මග නැගුම’ ආයතනය මඟින් නීතියට පටහැණිව යමින් 2k නමැති ඉදිකිරීම් සමාගමට රුපියල් මිලියන…

Sep 27, 2024
කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ ගබඩා කර තිබූ රුපි­යල් කෝටි 24ක් වටිනා හෙරො­යින් කිලෝ 12ක් අතු­රු­දන්…

Aug 31, 2024
දේශබන්දු හිටියොත් මැතිවරණය සාමකාමිව තියන්න වෙන්නේ නෑ‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදු නොවන බවත් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්…

Jul 25, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *