Live 24

February 17, 2026
☁️Overcast, 27°C
February 17, 2026
☁️Overcast, 27°C
  • Home
  • Crime/police
  • පාතාලයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය සුදානම් –  පොලිස්පති
Image

පාතාලයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය සුදානම් –  පොලිස්පති

යුක්තිය මෙහෙයුම තාවකාලික මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මේ රටින් තුරන් වනතෙක් පසුවිපරම් කරමින්, මත්ද්‍රව්‍යට හා පාතාලයට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

එතුමන් මෙම අදහස් පලකළේ 2024.07.04 වන දින “යුක්තියේ මෙහෙයුම” යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම හා මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අද දින (04) පැවති  විශේෂ මෙහෙයුම් වැඩසටහනට  සහභාගී වෙමිනී.හිදි, වැඩිදුරටත් අදහස් දක්වමින් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරමින් පොලිස්පතිතුමන් කියා සිටියේ, පොලිස් කොට්ඨාස මට්ටමින් රහසිගත දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවත්, කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව තමන් දන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දෙන ලෙසත්, සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහජනතාවගේ  උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත්, ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා එලෙස  තොරතුරු ලබා දීම හේතුවෙන් ඔබ පසුපස පාතාලකරුවන් ලුහුබදිනවනම් ඔවුන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය ක්‍රියා කරන බව එතුමන් වැඩිදුරටත් පැවසීය.

Releated News

පොලිස් ලොක්කෝ හයක මාරු

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස්…

Jan 30, 2026
අනූෂ පැල්පිට අත්අඩංගුවට

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට…

Jan 23, 2026
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *