ප්‍රතිපත්තිගරුක දේශපාලනයකට අනුර සූදානම්

ප්‍රතිපක්ති ගරුක දේශපාලනයක් රට තුළ නිර්මාණය කරන්නේ ජාතික ජන බලවේගය බව එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නොච්චියාගම පැවැති ජන රැලියකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් එහි ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි.

“රනිල් වික්‍රමසිංහලාට, සජිත් ප්‍රේමදාසලාට අද දේශපාලන වේදිකාවේ කියන්න දේශපාලන කරුණු නැහැ. රනිල් වික්‍රමසිංහ රට ඇතුළේ රැඳවුමක් හදන්න හදනවා මම එයාගේ යාළුවා කියලා. එයා යාළු ඇති. මම නම් යාළු නෑ. අර ඉස්කෝලේ කාළේ පොඩි ආදර කතා තියෙනවා නේද? එක්කෙනෙක් ලව්, අරය ලව් බව දන්නෙවත් නෑ. අන්න ඒ වගේ වැඩක් තමා මේක. ඔය රනිල් වික්‍රමසිංහ යාළුවා යාළුවා කියන්නේ මොකද දන්නවද? ෂේප් කර ගන්න. එයා දන්නවා ජයග්‍රහණය ජාතික ජන බලවේගයට එනවා. ඊට කළින් ෂේප් පාරක් දා ගන්න පුළුවන්ද කියලා ඔය බලන්නේ. හැබැයි යාළුවා කිව්වට ඒ වගේ ෂේප් වෙන්න බෑ. 21 වෙනිදාට පස්සේ රනිල්ට තේරෙයි යාළුවාගේ තරම.”

“මොකද ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්නේ මේ රටේ ආණ්ඩු කරපු නරක දේවල් ඔක්කොම නතර කරන්න. මේ ආණ්ඩු කියන්නේ රටේ සම්පත් හොරකම් කර ගන්න එකතු වෙන රංචු, කල්ලි. දැන් බලන්නකෝ සජිත් ප්‍රේමදාස එක ඡන්දයක් තියෙන කෙනෙක් ආවත් ෆොටෝ එකක් දානවා. දැන් තමුන් වහන්සේලා දන්නවා මේ රට විශාල කඩා වැටීමකට පොහොට්ටුව හේතු වුණා. දැන් පොහොට්ටුවේ කට්ටිය කොහෙද ඉන්නේ? සජිත් ගාව. ඇත්තට නේද, කොයි පැත්තෙන් කතා කළත්, හිතන්න ටිකක්. මොන මජර කැත කුණු දේශපාලනයක් ද මේක. අද අපේ රටේ ප්‍රතිපක්ති ගරුක දේශපාලනයක් ඕන. ඒක හදන්නේ ජාතික ජනබලවේගය විතරයි. මතක තබාගන්න.”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect