Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
Unable to connect to weather service.
  • Home
  • Local
  • නේෂන් ලංකා, සිංහ ෆිනෑන්ස් සමාගම් කෝටි 900ක් පිල්ලි ගහලා
Image

නේෂන් ලංකා, සිංහ ෆිනෑන්ස් සමාගම් කෝටි 900ක් පිල්ලි ගහලා

තැන්පත්කරුවන් දහසකට අධික පිරිසකගේ තැන්පතු සඳහා පොලි නොගෙවූ බවට චෝදනා එල්ල වී ඇති නේෂන් ලංකා සහ සිංහ කැපිටල් ඉන්වෙස්මන්ට් යන ආයතනවල ගනුදෙනුකරුවන් අද (16) කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක නිරත වී තිබෙනවා.

ඒ තමන්ගේ මෙම ආයතනවල තැන්පත් කළ මුදල්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින්.

මෙම ආයතනවල සභාපති වන වික්ටර් රමනන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටියා.

විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ, මෙම වික්ටර් රමනන් නමැත්තා නවලෝක රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්ද බවයි.

තමන් 2023 ජූනි මාසයේ සිට මෙම ආයතනවල මුදල් තැන්පත් කිරීමට පටන් ගත් බවද විරෝධතාකරුවන් පැහැදිලි කළා.

එමෙන්ම පොලිසියට භාර දුන් නඩුව මාස 8ක් පුරා විභාග වූ බවත්, පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී අලුත්කඩේ උසාවියට ගෙන ආ බවත් විරෝධතාකරුවන් පවසනවා.

පසුව නේෂන් ලංකා ආයතනයේ සභාපති වික්ටර් රමනන් මෙන්ම මහ මොළකරු ලෙස සැලකෙන චන්දික වීරකෝන් නමැත්තා මෙම වංචාවට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව ඔවුන් එහිදී කියා සිටියා.

ඔහු මේ වන විට මාස 4ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ පසුවන බව විරෝධතාකරුවන් සඳහන් කළා.

මෙම වංචාවෙන් වංචා කළ මුදල රුපියල් කෝටි 900ක් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති පුද්ගලයින් 1,200ක් පමණ සිටින බවත් විරෝධතාකරුවන් පෙන්වාදෙනවා.

විරෝධතාවයේ නිරත වී සිටි කාන්තාවක් මෙලෙස අදහස් පළ කළා.

” අපි නේෂන් ලංකා ආයතනයට මේ මුදල් දාන්න පෙළඹුණේ අපේ මාකටිය නිසා. නැතුව අපි නේෂන් ලංකා එකේ කිසි කෙනෙක් ගැන දැනගෙන හිටියේ නෑ. මාකටිය කමර්ෂල් ක්‍රෙඩිට් අපි කලක ඉඳන් කමර්ෂල් ක්‍රෙඩිට් එකේ ආයෝජනය කරලා තිබ්බේ. එයානේෂන් ලංකා ආයතනයේ වැඩට එනවා. නේෂන් ලංකා ආයතනයේ නේෂන් ලංකා ප්‍රවර්ධන නිලධාරියෙක් විදිහට. ඊටප්ස්සෙ අපි එයාව හම්බෙන්න ගියාම, අපිට එයා හඳුන්වල දෙනවා මෙහෙම කමර්ෂල් පේපර්ස් දෙනවා කියල ප්‍රමෝෂන් එකක් යනවා මෙහෙම කියලා.

ඊට පස්සේ අරකේ කමර්ෂල් ක්‍රෙඩිට් ස්ටාෆ් එකේ 40 ගානක් මේකට ඇවිල්ලා ඉන්නවා. ඒක කඩා වැටෙන්න යන්නේ මේකේ සල්ලි මං ඉද්දි ඒවා ආරක්ෂා කරලා දුන්නා. අපිට බයයි මේක තියාගන්න එ හින්දා ඔයාලා මේක ඉන්වෙස්ට් කරන්න කියලා. 2023 හයවෙනි මාසෙ ඉඳන් තමයි ඒ සල්ලි ඒකට දාන්න පටන් ගත්තේ.

2024 6 ,7 වෙනි මාසෙ වෙද්දි මිනිස්සුන්ට පොලි මුදල හම්බෙන එකක් නැහැ, නැතිවෙච්ච මේකත් නැහැ , ඊට පස්සේ අපි පොලිසියට පැමිණි දාන්න පටන් ගත්තා. නඩුවක් ගියා. ඒ නඩුව මාස අටක් ගියා. CID එකට නඩුව භාර දුන්නම අලුත් කඩේ උසාවියට මේ නඩුව ආවා.ඉතින් අපිට පස්සෙ විස්තර දැනගන්න ලැබුණේ, මේකේ නේෂන් ලංකා ආයතනයේ සභාපති කියන්නේ වික්ටර් රමණන් කියන එකයි, මේකට ගොඩක් සම්බන්ධයි.මේකෙ ඉන්නව දැන් රිමාන්ඩ් කරලා මාස හතරක් මහමොළකරුවන චන්දික වීරකෝන්. තව ඉන්නවා. මේ කට්ටිය මේකට හවුල් කියලා පස්සේ තමයි විස්තර දැනගත්තේ.

වංචාව කෝටි නවසීයක්. මිනිස්සු ඉන්නව 1200 ක් පැමිණිලි CID එකට දාලා. මේක අපිට මිනිස්සුන්ට දැනුවත් කරන්න වුවමනාවක් තිබ්බා. මේක තාම ඇවිස්සිලා ඇවිල්ල නැහැ.මීඩියා වලට කිව්වට ලංකාව පුරා පැතිරුණේ නැහැ”

ඉහළ පොලී අනුපාත ප්‍රදානය කිරීමේ පොරොන්දුව මත මහජනතාවගෙන් විශාල මුදල් ප්‍රමාණයක් රැස්කර ගත් නේෂන් ලංකා ෆිනෑන්ස් හා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතන සම්බන්ධයෙන් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නඩුවක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය අප්‍රේල් 07 වන දින  විභාගයට ගෙන තිබුණා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *