Live 24

January 29, 2026
Partly cloudy, 25°C
January 29, 2026
Partly cloudy, 25°C
  • Home
  • News
  • දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
Image

දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

පොලීසිය සඳහන් කළේ, ඔහු මෝසමක් මගින් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවයි.

ඉකුත් 2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනි දා වරෙන්තු නිකුත් කළේ ය.

අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිය.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මග හැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබු අතර
දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අභියාචානාධිකරණය පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව 13කට නියෝග කළේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඔහුට සැඟව සිටීමට සහය වූ පිරිස් පිළිබඳව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අභියාචනාධිකරණය පෙරේදා(17) නියෝග කළේ ය.

2023 වසරේ දෙසැම්බර් 31 වන දා මාතර, වැලිගම, පැලෑනේ පිහිටි ඩබ්ලිව් ෆිෆ්ටීන් නමැති හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව B වාර්තාවක් මගින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ පසුගිය පෙබරවාරි 27 වන දිනයි.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
ඩඩ්ලිගේ කාර් එකට රුපියල් බිලියනයක බාල්දියක්

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී ආනයනය කරන ලද මෝටර් රථය Rolls Royce Phantom Auto මෝටර්…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *