Live 24

March 11, 2026
🌤️Mainly clear, 28°C
March 11, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • News
  • දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
Image

දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

පොලීසිය සඳහන් කළේ, ඔහු මෝසමක් මගින් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවයි.

ඉකුත් 2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනි දා වරෙන්තු නිකුත් කළේ ය.

අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිය.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මග හැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබු අතර
දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අභියාචානාධිකරණය පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව 13කට නියෝග කළේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඔහුට සැඟව සිටීමට සහය වූ පිරිස් පිළිබඳව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අභියාචනාධිකරණය පෙරේදා(17) නියෝග කළේ ය.

2023 වසරේ දෙසැම්බර් 31 වන දා මාතර, වැලිගම, පැලෑනේ පිහිටි ඩබ්ලිව් ෆිෆ්ටීන් නමැති හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව B වාර්තාවක් මගින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ පසුගිය පෙබරවාරි 27 වන දිනයි.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *