Live 24

Saturday
September 7, 2024
loader-image
temperature icon 28°C
overcast clouds
Saturday
September 7, 2024
  • Home
  • Local
  • දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
Image

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ ය. 

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් විභාගයට අවසර දෙමිනි. 

පෙත්සම් විභාගට අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කළේ ය. 

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවූවේ ය. 

පෙත්සම් විභාගය දින 6ක් සිදු කළ අතර අද දින පෙත්සම් පසුගිය බ්‍රහස්පතින්දා දින අවසන් වරට පෙත්සම් විභාගය පැය 8කට ආසන්න කාලයක් සිදු කෙරුණි. 

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සු⁣⁣⁣රේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ විරාන් කොරයා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නිතීඥ තිශ්‍ය වේරගොඩ ඇතුළු නීතීඥවරු පිරිසක් අධිකරණය හමුවේ කරුණු දැක්විය. 

පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටින්නේ, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.

එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් අවධාරණය කර තිබුණි. 

පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ, එබැවින් අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Releated News

*රාජ්‍ය සේවකයන්ට 24%ක වැටුප් වැඩි වීමක්**ජීවන වියදම් දීමනාව රු. 25000ක්**අවම වැටුප රු. 57500ක්*

*රජයත් විකල්ප පක්ෂත් අමතක කළ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් නව වැඩපිළිවෙළක්* අප රටේ රාජ්‍ය…

Sep 4, 2024
ඩුබායි හි වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට පොදු සමා කාලය 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබේ.…

Sep 1, 2024
‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්

‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්’ යන තේමාව පෙරටු කර ගෙන සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර…

Aug 31, 2024
3 Comments Text
  • blogmedia says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I loved as much as you will receive carried out right here The sketch is tasteful your authored subject matter stylish nonetheless you command get got an edginess over that you wish be delivering the following unwell unquestionably come further formerly again as exactly the same nearly very often inside case you shield this hike
  • hazirpakistan says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    My brother suggested I might like this website He was totally right This post actually made my day You cannt imagine just how much time I had spent for this information Thanks
  • igameplay says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I loved as much as youll receive carried out right here The sketch is tasteful your authored material stylish nonetheless you command get bought an nervousness over that you wish be delivering the following unwell unquestionably come more formerly again since exactly the same nearly a lot often inside case you shield this hike
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *