Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
March 10, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • Local
  • දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්වීමක්
Image

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්වීමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු කරමින් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර අධිකරණයට භාරවී ඇති බවයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ දේපළ රාජසන්තක කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබු බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.

එමෙන්ම ඊයේ (18) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හෝකන්දර ප්‍රදේශයේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවස පරීක්ෂාවට ලක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795ක්, වයින් බෝතල් 214ක් ලෙස මත්පැන් බෝතල් 1009ක් සොයාගෙන ඇති බවද ආනන්ද විජේපාල මහතා පවසා සිටියා.

එමෙන්ම ඔහුගේ ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ අවියක් සහ නවීන ජංගම දුරකථන දෙකක් ද නිවසේ තිබී නිලධාරීන් භාරයට ගෙන තිබෙන බව සඳහන් කළා.

මෙම ජංගම දුරකථන හරහා තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට හැකිවෙනු ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තුවෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *