Live 24

November 13, 2025
☁️Overcast, 27°C
November 13, 2025
☁️Overcast, 27°C
  • Home
  • Sinhala
  • දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?
Image

දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?

සිය පක්ෂයේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනය කරන පුද්ගලයන්ට විවිධ අයුරින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඒ අනුව, ජාතික ජන බලවේගය තුළ වත්කම් තිබෙන අය, පුද්ගලික වත්කම් යොදා නොගන්නා පිරිස් මෙන්ම, වත්කම් නොමැති පිරිස්වලටද පූර්ණ කාලීනව දේශපාලනය කළ හැකි බව ඔහු පවසා සිටියා.

ඊයේ (22) පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාකරණය කළා.

නමුත්, අනෙකුත් දේශපාලන පක්ෂවලට එය කිරීමේ හැකියාවක් නොමැති බව පැවසු අමාත්‍යවරයා ඔවුන් මහජන ධනය මංකොල්ල කෑ පිරිසක් බව ප්‍රකාශ කලා.

මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ම ප්‍රකාශ කර ඇති කෙහෙල් කැන් ලබාදීම හා ඉන්ධන ලබා ගැනීමට ලබාදෙන මුදල් නොගෙන දේශපාලනය කිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැතිද යන්නයි.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, එම ලබාදීම හා ලබාගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුට ගැටලුවක් පැවතිය නොහැකි බවත්,උදව් කරන කෙනා කැමැත්තෙන් දෙනවා නම්, ගන්න කෙනත් කැමැත්තෙන් ගන්නවා නම්, අනිත් අයට පාන්ද?” යන්නයි.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
1 Comments Text
  • EverydayJoe says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I appreciate you taking the time to explain this.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *