Live 24

March 10, 2026
Partly cloudy, 28°C
March 10, 2026
Partly cloudy, 28°C
Image

දූෂණ විරෝධී සැලසුමට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 – 2029 සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා.

2073 අංක 9 දරන දුෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය, අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශන  කිරීමේ සහ නඩු පැවරීමේ සිට රට පුරා අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නියාමනය දක්වා පුළුල් කරනු ලැබ තිබෙනවා.

රජයේ “Clean Sri Lanka” වැඩසටහන ශ්‍රී ලාංකික සමාජයේ සදාචාරාත්මක සංවර්ධනයේ ඉහළ මට්ටමකට ඔසවා තැබීමට උත්සාහ දරන බැවින්, සියලුම අංශ ඇතුළත්ව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි නියම කර ඇති පරිදි ජාතික දූෂණ විරෝධී රාමුවක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින ඇතැම් බැඳීම් ඉටු කිරීම සඳහාද ශක්තිමත් දූෂණ විරෝධී රාමුවක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි රජය පවසන්නේ.

දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 5වන වගන්තිය යටතේ වන බැඳීම් වලට අනුකුලව ශ්‍රී ලංකාවේ අල්ලස හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල සීමාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇති.

එකී ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය  කරමින්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2025-2029 කාලසීමාව සඳහා නව දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනවා. 

ඒ අනුව, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම – 2025-2029 ක්‍රියාත්මක කිරීම පිණිස  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • zoritoler imol says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    There is obviously a lot to realize about this. I feel you made various nice points in features also.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *