Live 24

February 12, 2026
Partly cloudy, 26°C
February 12, 2026
Partly cloudy, 26°C
  • Home
  • News
  • දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය යන චෝදනාවෙන් නිදොස් කොට නිදහස්
Image

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය යන චෝදනාවෙන් නිදොස් කොට නිදහස්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා නිදොස් කොට නිදහස් කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංඛ මහතා විත්තිකරුවන්ට දැනුම් දුන්නේ ය.

17 වැනි චෝදනාව ගොනුකර තිබුණේ, නීතිවිරෝධී T56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය සම්බන්ධයෙනි.

2018 ඔක්තෝබර් 11 වැනිදා නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, මහාධිකරණය විසින් ආර්.දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට 2016 වසරේ සැප්තැම්බර් 08 වැනිදා අදාළ චෝදනාවට නියම කළ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම බල ශුන්‍ය වන බව, විනිසුරුවරයා පැහැදිලි කළේ ය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්.දුමින්ද සිල්වා මහතා, අධිකරණයට ඉදිරිපත් කළේ නැත.

එහෙත්, බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර ආර්.දුමින්ද සිල්වා මහතාට දැනුම් දෙන ලෙස කරුණු සළකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ ය. 

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • igamingpro says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Thank you for the auspicious writeup It in fact was a amusement account it Look advanced to far added agreeable from you However how can we communicate
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *