දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේ ගේ සහ ශ්‍රී දළදා මාළිගාගේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර සිටිනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඉල්ලීම හා ආරාධනාව අනුව වසර 16 පසුව සිරි දළදා වන්දනාව සිදු කරනු ලැබුවා.

ඒ අනුව, අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින දහයක්, දිවමන් බුදුරජාණන් වහන්සේ හා සමාන වූ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලද වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීමේ සුදුර්ලභ අවස්ථාව චිරාගත චාරිත්‍රානුකූලව සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ලබා දීමට කටයුතු කළ බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම මෙම කාල පරාසය තුළ දේශීය හා විදේශීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ස්වකීය ශ්‍රද්ධාධ්‍යාශයන් වඩා වර්ධනය කර ගනිමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට භාග්‍යවන්ත වූ බව මල්වතු – අස්ගිරි උභය මහාවිහාර හා ශ්‍රී දළදා මාළිගාව වෙනුවෙන් ඉමහත් සංතෝෂයෙන් නිවේදනය කරන බව එහි වැඩිදුරටත් සඳහන් වනවා

සම්පූර්ණ නිවේදනය පහතින්,

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect