තාත්තගේ කාලයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා – නාමල්

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, රට ගොඩනැගීමට ඔවුන්ට සැලැස්මක් තිබූ බවත් සිදු කළ සෑම ආයෝජනයකටම වග කියන බවයි.

ඊයේ (17) කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා,

“අපි ආවට ගියාට පාරවල් හැදුවේ නෑ. අපි ආවට ගියාට මහල් නිවාස හැදුවේ නෑ. ආයෝජකයෝ ගෙනාවේ නෑ. අපි සැලැස්මක් දැක්මක් තිබ්බා මේ රට ගොඩනගන්න.. කරපු හැම ආයෝජනයකටම අපි වග කියනවා. ගත්තු හැම ණයකටම මේ මහ පොළොවට වටිනාකමක් දීලා තියනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා.  

යම්කිසි කෙනෙක් කියනවා නම් අපි හොරා කෑවා කියලා, අපි අභියෝග කරනවා ලෝකයේ ඕනෑම අධිකරණයකට යන්න අපි අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම් කියන එක. පහුගිය කාලේ අපෙන් ඇහුවා මේ මැතිවරණවලට මුහුණදෙන්න බයද කියලා අරගලෙන් පස්සේ. අපේ අතේ ලේ නෑ. වැරදි කරලා නෑ. අපි ගැන වෙනස් අවබෝධයක් තියෙන්න ඇති.වැරදි මතයක් තියෙන්න ඇති, හැබැයි අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න අපිට ආත්ම ශක්තියක් තියනවා. ඒ ආත්ම ශක්තිය අපිට ගොඩනැගිලා තියෙන්නෙ අපි නිර්දෝශී නිසා සහ අපි හැදිච්ච දේශපාලන පරිසරයත් එක්ක..ඒක තමා මම කියන්නෙ මම අභියෝගවලට ආදරේ කරනවා. මේ රට ගොඩනගලා ඔබේ දරුවාගේ ජීවිතය සුරක්ෂිත කරන අභියෝගයත් මම ආදරය කරනවා. ඒ අභියෝගය මම ජයග්‍රහණය කරනවා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect