Live 24

February 17, 2026
☁️Overcast, 26°C
February 17, 2026
☁️Overcast, 26°C
Image

ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් අද අමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ පසුගිය අමෙරිකානු ජනපතිවරණයෙන් කමලා හැරිස්ව පරාජයට පත් කරමින් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයත් සමගයි.
2017- 2021 ජනපති ලෙස කටයුතු කළ ඔහු අද නැවත වරක් අමෙරිකානු ජනපති ධූරයේ වැඩ භාර ගන්නේ 47වන ජනපති ලෙසින්.

රිපබ්ලිකන් පක්ෂය තම නව ජනාධිපති බලතල භාවිතා කරමින්, පිටුවහල් කිරීමේ මෙහෙයුම් දියත් කිරීමට සහ පාරිසරික රෙගුලාසි කප්පාදු කිරීමට, පුළුල් පරාසයක ගැටළු සම්බන්ධයෙන් ඒකපාර්ශ්විකව ක්‍රියා කිරීමට පොරොන්දු වන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
තමන් ඓතිහාසික වේගයකින් හා ශක්තියකින් ක්‍රියා කර රට මුහුණ දෙන සෑම අර්බුදයක්ම විසඳන බවට ඔහු එහිදී ජනතාවට පොරොඳු වී තිබෙනවා.
දිවුරුම් දීමට පැය කිහිපයකට පෙර, එම ජයග්‍රාහී රැලිය අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් වැඩ භාර ගන්නා පළමු දිනයේම විධායක නියෝග රැසකට අත්සන් කරන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ට්‍රම්ප් සඳුදා විධායක ක්‍රියාමාර්ග 200කට වඩා නිකුත් කළ හැකි බවයි.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *