Live 24

January 28, 2026
🌤️Mainly clear, 29°C
January 28, 2026
🌤️Mainly clear, 29°C
Image

ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් අද අමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
ඒ පසුගිය අමෙරිකානු ජනපතිවරණයෙන් කමලා හැරිස්ව පරාජයට පත් කරමින් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයත් සමගයි.
2017- 2021 ජනපති ලෙස කටයුතු කළ ඔහු අද නැවත වරක් අමෙරිකානු ජනපති ධූරයේ වැඩ භාර ගන්නේ 47වන ජනපති ලෙසින්.

රිපබ්ලිකන් පක්ෂය තම නව ජනාධිපති බලතල භාවිතා කරමින්, පිටුවහල් කිරීමේ මෙහෙයුම් දියත් කිරීමට සහ පාරිසරික රෙගුලාසි කප්පාදු කිරීමට, පුළුල් පරාසයක ගැටළු සම්බන්ධයෙන් ඒකපාර්ශ්විකව ක්‍රියා කිරීමට පොරොන්දු වන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
තමන් ඓතිහාසික වේගයකින් හා ශක්තියකින් ක්‍රියා කර රට මුහුණ දෙන සෑම අර්බුදයක්ම විසඳන බවට ඔහු එහිදී ජනතාවට පොරොඳු වී තිබෙනවා.
දිවුරුම් දීමට පැය කිහිපයකට පෙර, එම ජයග්‍රාහී රැලිය අමතමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් වැඩ භාර ගන්නා පළමු දිනයේම විධායක නියෝග රැසකට අත්සන් කරන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ට්‍රම්ප් සඳුදා විධායක ක්‍රියාමාර්ග 200කට වඩා නිකුත් කළ හැකි බවයි.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *