Live 24

January 29, 2026
☀️Clear sky, 27°C
January 29, 2026
☀️Clear sky, 27°C
  • Home
  • Local
  • ඩිජිටල් IDයට දත්ත එකතු කරන්න මධ්‍යස්ථාන 2,300ක්
Image

ඩිජිටල් IDයට දත්ත එකතු කරන්න මධ්‍යස්ථාන 2,300ක්

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ, ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා එමඟින් පහසුකම් සැලසෙන බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“අපේ හැඳුනුම්පත දැන් ටිකක් පරණයි. හැඳුනුම්පත අරන් කාඩ් එකත් අරන් මූණත් අරන් යන්න ඕනේ. මුණබලනවා මේයාද කියලා. ඒවා ඉස්සර කරපු දේවල්. දැන් එහෙම නෙමෙයි ඩිජිටල් හැඳුනුම්පතක් දුන්නහම ඒකෙන් කියවන්න පුළුවන්. ඒකෙන් බදුගෙවන්න, බැංකු එක්ක ගනුදෙනු කරන්න ඔක්කෝම කරන්න පුළුවන්. ඩිජිටල් හැඳුනුම්පත නිර්මාණය කිරීමට කෝටි 1,000ක ආධාරයක් දෙන්න ඉන්දියාව එකඟතාවය පළ කළා. කට්ටිය කියනවා ඉන්දියාව දත්ත හොරකම් කරන්න යන්නේ කියලා මුකුත් වෙන්නේ නෑ. අපි දත්ත විද්‍යාව පිළිබඳව ලංකාවේ ඉන්න විශාලම විද්වතුන් එක්ක 24 වෙනිදා වැඩමුළුවක් තිබුණා. දත්ත ඇතුළු කරන්න ගම් ගානේ මධ්‍යස්ථාන 2,300ක් හදනවා රට පුරා. හැබැයි දත්ත ඇතුළු කරන තැනට එද්දි ඉන්දියානු සමාගම යනවා. ඊට පස්සේ තියෙන්නේ අපේ අතේ.”

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *