ඩයනාගේ හොර පාස්පෝට් නඩුව කැඳවයි

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (04) කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවකු එක් කිරීමට තීරණය කර ඇති බවත්, එබැවින් අදාළ සාක්‍ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර ලබා දුන්නා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාල ගොනුව දැනට පවතින ස්ථානයේ සිට සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව නොවැම්බර් මස 4 වනදා කැඳවීමටද නියම කෙරුණා.

2004 වසරේ ඔක්තෝබර් මස 09 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 01 වනදා අතර කාලසීමාව තුළ පානදුර හා කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූඨ ලෙස මෙරට විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය අගෝස්තු 27 වන දින මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කර තිබුණා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect