Live 24

October 24, 2025
🌦️Slight rain showers, 28°C
October 24, 2025
🌦️Slight rain showers, 28°C
  • Home
  • Blog
  • ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ
Image

ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා සිය රෝහලේ හෝ බාහිර ප්‍රතිකාර අංශයේ සේවය කරන්නේ ද යන කරුණ පිළිබඳව තම අධිකරණයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ ( 22) නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 14 වන දා කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවක පළමු වන විත්තිකරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන බව පෙන්වා දෙමින් එකී පෞද්ගලික රෝහලේ ලිපි ශීර්ෂය යටතේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.

විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලබා දුන් ප්‍රතිකාර මොනවාද හා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණ මොනවාද යන කරුණු ඇතුළත් සවිස්තර වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් එම රෝහල් අධ්‍යක්‍ෂවරයාට ලිපියක් යවා තිබෙනවා.

තමා ජොන්ස්ටන් ප්‍රනාන්දුව කුඩා කල සිට දන්නා හඳුනන මිතුරෙකු බවත් තමාත් කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ අයෙකු වන අතර එම හිතවත්කම නිසා තමා ඔහුගේ පවුලේ වෛද්‍යවරයා ලෙසද කටයුතු කරනා බවත් රෝගියාගේ අත අල්ලා හා වෙද නළාව තබා තමා පරීක්‍ෂා කළ බවත් යතුරු ලියනය කරන ලද ලිපි ශීර්ෂයක් නොමැති ලිපියක් මගින් එම වෛද්‍යවරයා මහාධිකරණ විනිසුරුවරයා හා මහාධිකරණ ලේඛකාධිකාරිවරයා වෙත දන්වා තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් එම වෛද්‍යවරයා පෙරකී පෞද්ගලික රෝහලේ කුමන අංශයේ සේවය කරන්නේද යන කරුණු හෝ සඳහන් කොට නොමැති බව එම වාර්තාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කර තිබෙනවා.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා සතොස හිටපු සාමාන්‍යාධිකාරි කාජා මොහිදින් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන මාර්තු 26 වන දා දක්වා කල් තැබීමටද විනිසුරුවරයා නියෝග කර සිටියා.

Releated News

දුනිත් වෙල්ලාලගේගේ පියා දිවියෙන් සමුගනී

ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියා හදිසියේ…

Sep 19, 2025
Netflix  මිල ගණන් ඉහළ දැමීමට තීරණය කරයි

Netflix  රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබෙනවා.ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න…

Jan 22, 2025
‘වෝග්’ සඟරාව ලංකාවේ දකුණු වෙරළ තීරය ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස නම්කරයි

අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත…

Jan 10, 2025
STARLINK පැකේජ සදහාTRCSL අනුමැතිය – මිල ගණන් මෙන්න!

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි…

Jan 8, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *