ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා සිය රෝහලේ හෝ බාහිර ප්‍රතිකාර අංශයේ සේවය කරන්නේ ද යන කරුණ පිළිබඳව තම අධිකරණයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ ( 22) නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 14 වන දා කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවක පළමු වන විත්තිකරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන බව පෙන්වා දෙමින් එකී පෞද්ගලික රෝහලේ ලිපි ශීර්ෂය යටතේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.

විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලබා දුන් ප්‍රතිකාර මොනවාද හා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණ මොනවාද යන කරුණු ඇතුළත් සවිස්තර වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණයේ නියෝගය පරිදි මහාධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් එම රෝහල් අධ්‍යක්‍ෂවරයාට ලිපියක් යවා තිබෙනවා.

තමා ජොන්ස්ටන් ප්‍රනාන්දුව කුඩා කල සිට දන්නා හඳුනන මිතුරෙකු බවත් තමාත් කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ අයෙකු වන අතර එම හිතවත්කම නිසා තමා ඔහුගේ පවුලේ වෛද්‍යවරයා ලෙසද කටයුතු කරනා බවත් රෝගියාගේ අත අල්ලා හා වෙද නළාව තබා තමා පරීක්‍ෂා කළ බවත් යතුරු ලියනය කරන ලද ලිපි ශීර්ෂයක් නොමැති ලිපියක් මගින් එම වෛද්‍යවරයා මහාධිකරණ විනිසුරුවරයා හා මහාධිකරණ ලේඛකාධිකාරිවරයා වෙත දන්වා තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් එම වෛද්‍යවරයා පෙරකී පෞද්ගලික රෝහලේ කුමන අංශයේ සේවය කරන්නේද යන කරුණු හෝ සඳහන් කොට නොමැති බව එම වාර්තාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කර තිබෙනවා.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා සතොස හිටපු සාමාන්‍යාධිකාරි කාජා මොහිදින් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන මාර්තු 26 වන දා දක්වා කල් තැබීමටද විනිසුරුවරයා නියෝග කර සිටියා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect