Live 24

March 11, 2026
🌤️Mainly clear, 28°C
March 11, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • Sinhala
  • ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු අද
Image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතයි.

කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණා.

මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදායි.

අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය ජවය 71 කැරැල්ලට ලබාදුන්නේ පොඩි අතුල ලෙස පෙනී සිටිමින්.  

71 කැරැල්ලේ සන්නද්ධ අංශයේ කටයුතු කළ ඔහු සිය ජීවිතය අවදානමේ හෙළමින් ක්‍රියාකළ අයුරු ඔහුගේ ජීවිතයේ මතක සටහන් ලෙස දක්නට ලැබෙනවා.  

දේශපාලන විචාරකයෙක්, න්‍යායාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක් වූ වික්ටර් අයිවන් මහතා රට තුළ වඩාත් පතල වූයේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියෙක් ලෙසින්. 

එහි කුටප්‍රාප්තිය ඔහු රාවය සඟරාව සහ පුවත්පත් ආරම්භ කිරීම‍යි. 

රාවය පුවත්පතේ කර්තෘවරයා ලෙස කිසිවිටක කිසිවෙකුට නොභියව ඔහු සිය පැන හැසිරවූ අයුරු අසමසම වනවා. 

ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා පිළිබඳ ඔහු රාවය පුවත්පතේ සිදුකළ වාර්තාකරණය අදටත් කතාබහට ලක්වන මාතෘකාවක්. 

ඍජු ගවේෂණාත්මක වාර්තාකරණය නිසාම ලංකාවේ වැඩිම අපහාස නඩු සඳහා මුහුණදීමට සිදුවු මාධ්‍යකරුවා ලෙස වික්ටර් අයිවන් ඉතිහාසගත වනවා. 

සාපරාධී අපහාස නීතිය යටතේ මෙරට මාධ්‍යවේදීන්, රාජ්‍ය තන්ත්‍රයෙන් බැටකමින් සිටියදී ඊට එරෙහිව හඬ නගමින් එම නීතිය ඉවත් කිරීම සඳහා වික්ටර් අයිවන් මහතා විචක්ෂණශීලිව ක්‍රියා කළා.

පුවත්පත් කලාවේදියෙකු ලෙස පමණක් නොව ගත් කතුවරයෙක් ලෙසත් මහත් සමාජ මෙහෙවරක් කළ ඔහු පෑන අහිංසකද?, කඳුළු සලන පාරාදීසය, දෙමළ අභියෝගය, ලංකාව ගලවා ගැනීම ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළ අතර ඒ අතරින්  චෞර රැජින ග්‍රන්ථය දැඩි කතාබහකට ලක්වුණා.

කලක් අසනීපව සිටි වික්ටර් අයිවන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබුණේ ගාල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී යි.

වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකිරීමට නියමිත අතර ඒ අනුව අවසන් කටයුතු ගාල්ලේ දී අද සිදු කෙරෙනවා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *