ජන පීඩක IMF බදු සූත්‍රය වත්මන් රජය වෙනස් කළ යුතුයි – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

IMF රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක් හරහා ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වන බවත් ඒ තුළින් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වය ඇති වන බැවින් වත්මන් රජය IMF එක සමග සාකච්ඡා ආරම්භ කර බදු බර ලිහිල් කරන නව ගිවිසුමකට යන තෙක් අපේක්ෂාවන් සිටින බවත් එවැනි වැඩසටහන්වලට සහාය ලබා දීමට ද සුදානම් බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම 42% කගේ කැමැත්තෙන් බිහිවු වත්මන් ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ බදුබර අඩු කරණ ගමනකට යාම බවත් මේ බදු බර නිසා ජන ජීවිත කඩාකප්පල් වී ඇති බවත් මේ බදු නිසා රටක් ඉදිරියට යා නොහැකි බවත් බුද්ධි ගලනය වර්ධනය වී ඇති අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රට අතහැර යන මේ මොහොතේ මේ දරාගත නොහැකි බදු සුත්‍රය සංශෝධනය කර සහන බදු සුත්‍රයකට මුල පිරිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පදනම් ආයතනයේ දී බටහිර කොළඹ සංවිධායක අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ආසන ක්‍රියාකාරී හමුවකදීය.*

අපේ රටේ ලක්ෂ 220 ජනතාව රට බරපතල අභියෝග රැසකට මුහුණ දෙන බවත් මේ අභියෝග ජයගන්න තමා නායකත්වය දෙන බවත් බංකොලොත්භාවයෙන් ආර්ථිකය කුඩා වීම තුළ ආර්ථිකය කුඩා කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය වීම නිසා ජනතාව පීඩනයට ලක්වු මොහොතක අප සිටින බවත් විරැකියාව වැඩිවි උද්ධමනය වැඩි වී ජන ජීවිත කඩා වටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම ආර්ථික යාන්ත්‍රණය අඩපණ වී ආර්ථික වර්ධනය කුඩා වී ඇති අප රට 2028 සිට නැවත ණය ගෙවීමට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුල ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් එය ආර්ථික ස්ථාවරත්වයට වැදගත් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද හිටපු රජය දේශී්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරනයේදී වැඩි බරක් ජනතාව පිට පටවා ජනතාවට පීඩනය අසහනය ගෙන එන ගිවිසුමකට අත්සන් කර සාමාන්‍ය ජනතාවට නිර්මාණය කළ ඒ අසහනය⁣ට විරුද්ධව නැගී සිටියේ සමගි ජන බලවේගය බවත් ජනතාවට වඩාත් සහනදායී ගිවිසුමකට යා යුතුය කියන පදනම මත ජනාධිපතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක කළ යුතු බවත් IMF එකෙන් දැන් රටට ජනතාවට සහන නොලැබෙන නිසා හිටපු රජය නිර්මාණය කළ ගිවිසුම වෙනස් කරන්න සමගි ජන බලවේගය සාකච්ඡා කළ බවත් එහිදී ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමකට යාමට සුදානම් වු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

*බදු සුත්‍රය සංශෝධනය විය යුතුයි*

මේ බදු සුත්‍රය වහා සංශෝධනය විය යුතු බවත් එය ජනතා හිතෛෂී සහන බදු සුත්‍රයකට මුල පිරිය යුතු බවත් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ IMF එකත් සමග ඇති ජනපීඩිත ගිවිසුම imf රාමුව තුළ සිට සංශෝධනය කරණ ප්‍රතිපත්ති මාලාවක සමගි ජන බලවේගය සිටින බවත් රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම තමා සතු බවත් ඒ සදහා අවශ්‍ය බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect