Live 24

December 16, 2025
Partly cloudy, 26°C
December 16, 2025
Partly cloudy, 26°C
  • Home
  • Local
  • ජන පීඩක IMF බදු සූත්‍රය වත්මන් රජය වෙනස් කළ යුතුයි – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
Image

ජන පීඩක IMF බදු සූත්‍රය වත්මන් රජය වෙනස් කළ යුතුයි – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

IMF රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක් හරහා ජනතාවගේ කරපිට පටවා ඇති බදු බර ලිහිල් වන බවත් ඒ තුළින් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වය ඇති වන බැවින් වත්මන් රජය IMF එක සමග සාකච්ඡා ආරම්භ කර බදු බර ලිහිල් කරන නව ගිවිසුමකට යන තෙක් අපේක්ෂාවන් සිටින බවත් එවැනි වැඩසටහන්වලට සහාය ලබා දීමට ද සුදානම් බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම 42% කගේ කැමැත්තෙන් බිහිවු වත්මන් ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ බදුබර අඩු කරණ ගමනකට යාම බවත් මේ බදු බර නිසා ජන ජීවිත කඩාකප්පල් වී ඇති බවත් මේ බදු නිසා රටක් ඉදිරියට යා නොහැකි බවත් බුද්ධි ගලනය වර්ධනය වී ඇති අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රට අතහැර යන මේ මොහොතේ මේ දරාගත නොහැකි බදු සුත්‍රය සංශෝධනය කර සහන බදු සුත්‍රයකට මුල පිරිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පදනම් ආයතනයේ දී බටහිර කොළඹ සංවිධායක අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ආසන ක්‍රියාකාරී හමුවකදීය.*

අපේ රටේ ලක්ෂ 220 ජනතාව රට බරපතල අභියෝග රැසකට මුහුණ දෙන බවත් මේ අභියෝග ජයගන්න තමා නායකත්වය දෙන බවත් බංකොලොත්භාවයෙන් ආර්ථිකය කුඩා වීම තුළ ආර්ථිකය කුඩා කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය වීම නිසා ජනතාව පීඩනයට ලක්වු මොහොතක අප සිටින බවත් විරැකියාව වැඩිවි උද්ධමනය වැඩි වී ජන ජීවිත කඩා වටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම ආර්ථික යාන්ත්‍රණය අඩපණ වී ආර්ථික වර්ධනය කුඩා වී ඇති අප රට 2028 සිට නැවත ණය ගෙවීමට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුල ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් එය ආර්ථික ස්ථාවරත්වයට වැදගත් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද හිටපු රජය දේශී්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරනයේදී වැඩි බරක් ජනතාව පිට පටවා ජනතාවට පීඩනය අසහනය ගෙන එන ගිවිසුමකට අත්සන් කර සාමාන්‍ය ජනතාවට නිර්මාණය කළ ඒ අසහනය⁣ට විරුද්ධව නැගී සිටියේ සමගි ජන බලවේගය බවත් ජනතාවට වඩාත් සහනදායී ගිවිසුමකට යා යුතුය කියන පදනම මත ජනාධිපතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක කළ යුතු බවත් IMF එකෙන් දැන් රටට ජනතාවට සහන නොලැබෙන නිසා හිටපු රජය නිර්මාණය කළ ගිවිසුම වෙනස් කරන්න සමගි ජන බලවේගය සාකච්ඡා කළ බවත් එහිදී ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමකට යාමට සුදානම් වු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

*බදු සුත්‍රය සංශෝධනය විය යුතුයි*

මේ බදු සුත්‍රය වහා සංශෝධනය විය යුතු බවත් එය ජනතා හිතෛෂී සහන බදු සුත්‍රයකට මුල පිරිය යුතු බවත් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ IMF එකත් සමග ඇති ජනපීඩිත ගිවිසුම imf රාමුව තුළ සිට සංශෝධනය කරණ ප්‍රතිපත්ති මාලාවක සමගි ජන බලවේගය සිටින බවත් රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම තමා සතු බවත් ඒ සදහා අවශ්‍ය බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Releated News

විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…

Nov 29, 2025
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව…

Nov 29, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *