Live 24

March 6, 2026
Partly cloudy, 27°C
March 6, 2026
Partly cloudy, 27°C
  • Home
  • Local
  • ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්
Image

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා වු කාලය නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව පවතින බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.

ඡන්ද දායකයෙකු ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමේ දී රැගෙන යා යුතු දේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ,

“ඔබ අනිවාර්යෙන්ම හැඳුනුම්පත, නිල ඡන්ද පත්‍රිකාව සමග රැගෙන යා යුතුයි. පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ජාතික හැඳුනුම්පත, ඒ වගේම වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රයක් රැගෙන යා හැකියි. මේ වන විටත් වලංගු බලපත්‍ර එලෙස රැගෙන යා හැකියි. පුජක පක්ෂය වෙනුවෙන් නිකුත් කරන හැඳුනුම්පත භාවිත කළ හැකියි. විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත හා ආබාධිත ඡන්ද දායකයින් සඳහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත හෝ කිසිදු හැඳුනුම්පතක් නොමැති නම් ග්‍රාම නිලධාරීවරයා හරහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත යන ඕනෑම එකක් ඡන්දය දැමීමට වලංගු වේ.”

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

“යම් කෙනෙකුට ඡන්ද භාවිත කිරීමට අවශ්‍ය නම් කතිරය ලකුණ භාවිත කළ හැකියි. පහුගිය මැතිවරණ හා සමානව කතිර ලකුණ කොමිෂන් සභාව පිළිගනු ලබනවා. ඊට අමතරව අරාබි ඉලක්කම් 1 ලකුණ යොදා ඔබට ඡන්දය භාවිත කළ හැකියි. ඔබට යම් අයෙකුට මනාප සලකුණු කරන් අවශ්‍ය වන්නේ, නම් අනිවාර්යයෙන්ම අරාබි ඉලක්කම් 1 සහ අරාබි ඉලක්කම් 2න් එක් මනාපයකුත් අවශ්‍ය නම් මනාප දෙකක් ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. තුනෙන් දෙවැනි මනාපයත් ලකුණු කළ හැකියි. යම් අයෙකුට මනාප ලකුණු කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබ අරාබි ඉලක්කම් 1,2,3 භාවිත කළ යුතුයි. මෙයින් බැහැරව කුමක් භාවිත කළත් එය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සැලකේ.”

මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් හට ඒවා ලබා ගැනීම සඳහා ලබන සෙනසුරාදා දිනයේ ද තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *